Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 36:22 - Sinhala New Revised Version 2018

22 දෙවිඳුන්ගේ බල මහිමය කොතරම් විශාල ද? දෙවිඳුන් සම ගුරුවරයෙක් තවත් ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 දෙවිඳුන්ගේ බල මහිමය කොතරම් විශාල ද? දෙවිඳුන් සම ගුරුවරයෙක් තවත් ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 බලව, දෙවියන්වහන්සේ ස්වකීය බලයෙන් උසස්ව සිටිනසේක. උන්වහන්සේට සමාන ගුරුවරයා කවුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 36:22
21 හුවමාරු යොමු  

මහ නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා, දීනයන් ඉහළ නංවා උසස් කළ සේක.


බලය ලත් රාජ්‍ය පාලකයන්ට සෑම දෙනා ම කීකරු වෙත් වා! දෙවියන් වහන්සේගෙන් ලැබෙන බලය හැර අන් බලයක් නැත. දැනට සිටින රාජ්‍ය පාලකයෝ දෙවියන් වහන්සේ විසින් පත් කරනු ලැබූ අය වෙ‍ති.


නුඹලාගේ මිදුම්කාරයාණන් ද ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලාගේ යහපත පිණිස නුඹලාට උගන්වන, යා යුතු හරි මඟ නුඹලාට පෙන්වන, නුඹලාගේ දෙවි සමිඳාණෝ මම ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හනනෙල්ගේ කොත පටන් කොනේ දොරටුව දක්වා සමිඳාණන් වහන්සේ උදෙසා නගරයක් ගොඩනඟනු ලබන දවස් පැමිණෙන්නේ ය.


නුඹේ දරුවන්ට ස්වාමීන් වන මම උගන්වන්නෙමි. ඔවුන්ගේ සෞභාග්‍යය අධික වන්නේ ය.


සමිඳුන් දුෂ්ටයන්ගේ යෂ්ටියත්, නපුරු පාලකයන්ගේ බලයත් කෙළවර කර ඇත.


සමිඳුනි, ඔබ උවදෙස් දුන් මිනිසා භාග්‍යවන්ත ය; ඔබේ අණපනත් ඔබ ඉගැන්වූ තැනැත්තා භාග්‍යවන්ත ය.


විජාතීන්ට දඬුවම් දෙන දෙවිඳාණෝ දඬුවම් නොදෙන සේක් ද? මිනිසාට නැණනුවණ දෙන සමිඳාණෝ මිනිස් සිතුවිලි නොදන්න සේක් ද?


එහෙත්, විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය. කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද උන් වහන්සේ ම ය.


‘සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති’යි දිවැසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති.


සගලොව වසන අය පවා විනිශ්චය කරන දෙවිඳුන් හට උපදෙස් දීමට කවර නම් මිනිසෙකුට හැකි වේ ද?


“ආධිපත්‍යය හා ගරුත්වය දෙවිඳුන් වෙත ඇත; එතුමන් සග ලොව විජිතයෙහි සාමය පවත්වනු ඇත.


ජෝබ් තුමෙනි, මෙන්න, ඊට මාගේ පිළිතුර; ඔබ කීවා වැරදි ය. දෙවිඳාණෝ මිනිසාට වඩා උතුම් ය.


ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව; මට එය ඉගැන්නුව මැනව; මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය. දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි.


ඔබේ නියමයන්ගෙන් ඉවත් ව නොගියෙමි. ඔබ ම මට ඒවා ඉගැන්වූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්