Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 28:17 - Sinhala New Revised Version 2018

17 රන් වත්, වෛදූර්ය වත් ඊට සම කළ නොහැකි ය; පිවිතුරු රන් ආභරණවලට එය මාරු කළ නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 රන් වත්, වෛදූර්ය වත් ඊට සම කළ නොහැකි ය; පිවිතුරු රන් ආභරණවලට එය මාරු කළ නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 රන්වන් වීදුරුවත් ඊට සමාන නොවේ; පවිත්‍ර රන් ආභරණවලට ඒක මාරුකරන්ට බැරිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 28:17
8 හුවමාරු යොමු  

එය ඕපීර් රටේ රනින් වත්, අනගි නඛමාණික්‍යයෙන් වත්, නීල මාණික්‍යයෙන් වත් මිල කළ නොහැකි ය.


රනට වඩා පැණ ද රිදියට වඩා නැණ ද ප්‍රසන්න ය.


මැනවින් සවන් දෙන අයට නැණවතාගේ ඔවා බස් රන් අරුංගල් ජෝඩුවක් ද තනි රන් මාලයක් ද වැන්න.


රිදීයට වඩා මාගේ ගුරුහරුකම් ද පෙරූ රනට වඩා දැනගැන්ම ද පිළිගන්න.


තවද, සත්ත්වයන්ගේ හිසට උඩින් පළිඟු මෙන් බබළන ආකාශයක් තිබුණේ ය. එය ඔවුන්ගේ හිස්වලට ඉහළින් විහිදී තිබුණේ ය.


ඒ නගරයේ දීප්තිය ඉතා අනර්ඝ මාණික්‍යයක් මෙන් එනම්, පළිඟු මෙන් විනිවිද පෙනෙන සූර්යකාන්ත ගලක් මෙන් විය.


දේව දූතයා, දෙවියන් වහන්සේගේ ද බැටළු පෝතකයාණන්ගේ ද සිංහාසනයෙන් ගලා එන, පළිඟුමෙන් විනිවිද දිලෙන, ජීවනදායක වතුර ඇති ගංගාවක් මට පෙන්වී ය.


සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමාන වීදුරු සමුද්‍රයක් වැනි දර්ශනයක් විය. ඒ සිංහාසනය මැද හා අවටින්, ඉදිරියෙන් හා පිටුපසින්, ඇස් රාශියක් ඇති ජීවමාන සත්ත්වයෝ සතර දෙනෙක් වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්