Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 27:21 - Sinhala New Revised Version 2018

21 පෙරදිග මාරුතයෙන් ඔහු ගහගෙන යයි; සිය නිවෙසින් ඈත පෙදෙසකට ඔහු නෙරපී යයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 පෙරදිග මාරුතයෙන් ඔහු ගහගෙන යයි; සිය නිවෙසින් ඈත පෙදෙසකට ඔහු නෙරපී යයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 පෙරදිග සුළඟින් ඔහු ගෙනයනු ලබන්නේය, ඔහුද පහව යයි; එය ඔහුගේ ස්ථානයෙන් ඔහු හෙළා දමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 27:21
14 හුවමාරු යොමු  

දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක; ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක.


ඔබේ චණ්ඩ මාරුතයෙන් ඔවුන් ලුහුබැඳ යනු මැනව. ඔබේ සැඬ සුළඟින් ඔවුන් බිය ගැන්වුව මැනව.


ඔව්හු මුලිනුපුටා දැමූ කටු පඳුරු මෙන් වෙත් වා! කෝපයෙන් උදලුගා දැමූ වල් පැළෑටි මෙන් වෙත් වා!


කොපමණ වරක් සුළඟේ ගසාගෙන යන පිදුරු හා බොල් මෙන් ඔව්හු පහ ව ගියෝ ද?


සිය නිවෙසට ඔහු හැරී නොඑයි; ගෙදර උදවිය තවත් ඔහු නොදකිති.


වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.”


ඔවුන් සශ්‍රික බට ගස්මෙන් සරු වෙතත්, ඔවුන්ගේ උල්පත් හා ජලාශ වියළී යන පිණිස සමිඳාණන් වහන්සේ පාළුකරයෙන් පෙරදිග සුළඟක් එවන සේක. වටිනා සියලු දේ එයින් නැති වී යන්නේ ය.


පෙරදිග සුළඟකින් මෙන් සතුරන් ඉදිරියෙහි මම ඔවුන් විසුරුවා හරින්නෙමි. මාගේ මුහුණ හරවාගෙන ඔවුන්ගේ විපත් සමයෙහි ඔවුන්ට පිටුපා යන්නෙමි.”


එළියෙන් අඳුරට ඔහු නෙරපාදමනු ලැබේ. ජීවතුන්ගේ ලෝකයෙන් ඔහු පලවා හරිනු ලැබේ.


ඔහු සිහිනයක් මෙන් පහ ව ගොස් අතුරුදන් වෙයි; රෑ යාමේ දර්ශනයක් මෙන් පහ ව යයි.


ඔබ මා මාරුතයෙන් ගසාගෙන යන්නට හරින සේක. කුණාටුවෙන් ඒ මේ අත පෙරළෙන්නට සලස්වන සේක.


එසේ වී ඇත්තේ, ඔබේ කෝපය හා උදහස නිසා ය; ඔබ මා උසස් කොට පහතට හෙළා ඇති නිසා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්