Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 21:28 - Sinhala New Revised Version 2018

28 ප්‍රභූවරයාගේ මන්දිරය කොතැන්හි ද? දුෂ්ටයා විසූ නිවෙස කොහේ ද කියා ඔබ ප්‍රශ්න කරන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ප්‍රභූවරයාගේ මන්දිරය කොතැන්හි ද? දුෂ්ටයා විසූ නිවෙස කොහේ ද කියා ඔබ ප්‍රශ්න කරන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 මක්නිසාද: අධිපතියාගේ ගෘහය කොතැනද කියාත් දුෂ්ටයන් වාසයකළ කූඩාරම කොතැනද කියාත් නුඹලා අසති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 21:28
15 හුවමාරු යොමු  

කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි. ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්‍රශ්න කරති.


ඔබේ සතුරන්ට අපකීර්තිය අත් වේ; දුදනන්ගේ නිවහන අතුරුදහන් වේ.”


සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන පරිදි උන් වහන්සේ මේ සාපය එවන සේක. එවිට එය හැම සොරෙකුගේ ද බොරුවට දිවුරන හැම කෙනෙකුගේ ද නිවෙසට ඇතුළු වන්නේ ය. එය ඒ නිවෙස්වල රැඳී එහි සිටින සියල්ලන් ද එහි ලී දඬු ද ගඩොල් ද විනාශ කර දමන්නේ ය.”


එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි; ඔහු සිටියේ නැත. ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත.


මා ගත් පියවර සියල්ල එතුමාණන්ට කියා සිටින්නෙමි; රාජ කුමාරයෙකු මෙන් එතුමාණන් වෙත යන්නෙමි.


සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය.


අදමිටු අයගේ ඉරණම එය වේ; දෙවිඳුන් නොසලකන අයගේ ඉරණම ද එය වේ.”


මට එරෙහි ව ඇති ඔබේ කල්පනා ද ඔබ ගෙනෙන යෝජනා ද මම දනිමි.


සංචාරකයන්ගෙන් ඔබ අසා නැද් ද? ඔවුන් ගෙනෙන සාක්ෂි ඔබ පිළිගන්නේ නැද් ද?


“මාගේ නිවෙස තුළට වත්, මාගේ යහනට වත් මම නොයන්නෙමි;


දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?


මේ හැම දෙය ඔබ තේරුම් ගන්නහු නම්, මෙවැනි වල්පල් ඔබ නොදොඩන්නහු ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්