Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 17:13 - Sinhala New Revised Version 2018

13 මාගේ බලාපොරොත්තුව මළවුන්ගේ ලොව ගැන පමණ ය. අන්ධකාරයෙහි මම සැතපෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මාගේ බලාපොරොත්තුව මළවුන්ගේ ලොව ගැන පමණ ය. අන්ධකාරයෙහි මම සැතපෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 මාගේ ගෙය කොට ෂෙයෝල ගැන බලා සිටිමි, අන්ධකාරයෙහි මාගේ යහන අතුළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 17:13
13 හුවමාරු යොමු  

අවංකකමින් ජීවත් වන අය මරණයේ දී ශාන්තියට පිවිස විවේක සුවයෙන් පසු වෙති.


මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය.


සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න.


මරණ මංචකයට ද කාටත් නියම වූ තැනට ද ඔබ මා පමුණුවන බව මම දනිමි.


“මට හුස්ම ගන්න පවා බැරි ය; මාගේ අවසානය හොඳට ම ළඟ ය. දැන් මට ඉතිරි ව ඇත්තේ සොහොන පමණ ය.


මියගිය පසු, මිනිසෙක් යළිත් ජීවත් වෙයි ද? මම නම්, මාගේ නිදහස පැමිණෙන තෙක් ජීවිත සටනේ සියලු දවස්වල බලාපොරොත්තුවෙන් පසු වෙමි.


මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි; කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි.


නැති වී නොපෙනී යන වලාකුළක් විලසින් පාතාලයට බැස යන මිනිසා ආපසු නැඟී නොඑයි.


එහෙත්, මාගේ මිතුරෝ මාගේ රැය දවාලට හරවති; ආලෝකය ළඟ යයි කියති; එහෙත්, මා අවට තවමත් අඳුර ය.


ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය.


මාගේ දිවි ගෙන යාමට කුමන ශක්තියක් මට ඇද් ද? මරණය මට නියත නම්, ජීවත් වීමෙන් වැඩක් මට ඇද් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්