Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝනා 3:7 - Sinhala New Revised Version 2018

7 එවිට ඔහු නිනිවය පුරා නියෝගයක් පළ කෙළේ ය. ඒ මෙසේ ය: “මාගේ සහ මාගේ උත්තමයන්ගේ නියෝගය පරිදි, මිනිසෙක් වත්, මෘගයෙක් වත්, ගවයෙක් වත්, බැටළුවෙක් වත් කිසි ම දෙයක රස නොබලා වා! කිසි කෑමක් නොකා වා! වතුර නොබෝ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එවිට ඔහු නිනිවය පුරා නියෝගයක් පළ කෙළේ ය. ඒ මෙසේ ය: “මාගේ සහ මාගේ උත්තමයන්ගේ නියෝගය පරිදි, මිනිසෙක් වත්, මෘගයෙක් වත්, ගවයෙක් වත්, බැටළුවෙක් වත් කිසි ම දෙයක රස නොබලා වා! කිසි කෑමක් නොකා වා! වතුර නොබෝ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 තවද රජු සහ ඔහුගේ උත්තමයන්ගේ ආඥාව පිට: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් ගවයෙක්වත් බැටළුවෙක්වත් කිසිවක් රස නොබලත්වා. කිසි කෑමක් නොකත්වා, වතුර නොබොත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝනා 3:7
6 හුවමාරු යොමු  

එවිට ජෙහෝෂාපාට් බිය වී, සමිඳාණන් වහන්සේට යැදීමට ඉටාගෙන ජුදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශ කෙළේ ය.


“එවිට අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි අප යටහත් පහත් වී, අපට සුබ ගමනක් සලසා දී, අප ද අපේ දරුදැරියන් ද අපේ සම්පත ද ආරක්ෂා කරන හැටියට උන් වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟ දී මම උපවාසයක් ප්‍රසිද්ධ කෙළෙමි.


අනේ! සිවුපා සතුන් කෙඳිරිගාන හැටි! තණකොළ නැති බැවින් ගව රැළ කැළඹී ඇවිදිති; බැටළු රැළ පවා දුක් විඳිති.


නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්