Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 7:22 - Sinhala New Revised Version 2018

22 මා නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා කාලයේ දී දවන යාග පූජා ගැන වත්, යාග ගැන වත් මම ඔවුන්ට කතා නොකෙළෙමි; අණ නොකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 මා නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා කාලයේ දී දවන යාග පූජා ගැන වත්, යාග ගැන වත් මම ඔවුන්ට කතා නොකෙළෙමි; අණ නොකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 මක්නිසාද මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා කාලයේදී මා ඔවුන් සමඟ කථාකළෙත් ඔවුන්ට අණකළෙත් දවනපූජාද යාගද යන කාරණා ගැන නොවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 7:22
9 හුවමාරු යොමු  

මම පූජාවලට වඩා කරුණාවට කැමැත්තෙමි; දවන යාග පූජාවලට වඩා දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයට කැමැත්තෙමි.”


සාමුවෙල් පිළිතුරු දෙමින්, “හිමි තුමන්ට වඩා ප්‍රසන්න වන්නේ කුමක් ද? එතුමන්ගේ හඬට කීකරු වීම ද නැතහොත් දවන පූජා හා යාග පූජා ද? පූජාවට වඩා කීකරු වීම හොඳ ම ය. බැටළු තෙල් පිදීමට වඩා අවනත වීම හොඳ ය.


‘මම යාග පූජාවට නොව, දයාවට කැමැත්තෙමි’යි යන කීමේ අර්ථය ඔබ ගොස් තේරුම්ගන්න. මා ආයේ දමිටුන් නොව පවිටුන් කැඳවීමට ය”යි වදාළ සේක.


ඔබ පුද පඬුරට ප්‍රසන්න නැත; දවන යාග පූජා හා පාප පූජාවලින් ඔබට වැඩක් නැත. ඒ වෙනුවට ඔබ වදන් අසන පිණිස මාගේ දෙසවන දුන් සේක.


මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු වීර්යයෙන් ද උන් වහන්සේට ප්‍රේම කිරීම සහ තමාට මෙන්‍ම තම අසල්වැසියාට ප්‍රේම කිරීම, දවන යාග පූජා හා වෙනත් පූජා සියල්ලට ම වඩා ශ්‍රේෂ්ඨය”යි කීවේ ය.


උන් වහන්සේ තහනම් කළ දෙවිදේවතාවන්ට හෝ ඉරට හෝ හඳට හෝ අන්කිසි ආකාශ වස්තුවකට හෝ වැඳුම්පිදුම් හා නමස්කාර කරන්නට පුළුවන.


ඉශ්රායෙල් සෙනඟ ද ජුදාවේ සෙනඟ ද ඔවුන්ගේ ඉතිහාසයේ පටන්ගැන්මේ සිට ම කෙළේ, මා ඇස් හමුයෙහි නපුරු දේ පමණකි. එසේ ය, ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් කෙළේ, මා ප්‍රකෝප කරවන දේ පමණක් ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්