Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 52:29 - Sinhala New Revised Version 2018

29 නෙබුකද්නෙශර්ගේ දහඅට වන අවුරුද්දේ දී, ඔහු ජෙරුසලමේ සිටි අටසිය තිස්දෙදෙනෙකු අල්ලාගෙන ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 නෙබුකද්නෙශර්ගේ දහඅට වන අවුරුද්දේ දී, ඔහු ජෙරුසලමේ සිටි අටසිය තිස්දෙදෙනෙකු අල්ලාගෙන ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 නෙබුකද්රෙශර්ගේ දහඅටවෙනි අවුරුද්දේදී ඔහු යෙරුසලමේ සිට අටසිය තිස්දෙදෙනෙකු අල්ලාගනගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 52:29
9 හුවමාරු යොමු  

තවද, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මස දස වන දින රජුගේ උපදේශකයා වූ ද රැකවලුන්ගේ අධිපතියා වූ ද නෙබුසරදාන් ජෙරුසලමට පිවිසියේ ය.


මෙසේ ආබ්‍රම් සිය බිරිඳ වන සාරයි ද තම සොහොයුරාගේ පුත් වන ලොත් ද හාරාන් දේශයෙන් රැස් කරගත් සියලු සම්පත් හා දැසිදසුන් ද රැගෙන කානාන් දේශය බලා නික්ම ගොස් එහි සැපත් විය.


තවද, රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්, නුවර ඉතිරි ව සිටි සෙනඟ ද පලා අවුත් තමාගේ සෙනඟට එකතු වූ අය ද සෙනඟගෙන් ඉතිරි වූ අනෙක් අය ද අල්ලා බබිලෝනියට ගෙන ගියේ ය.


ඔහු කඩුපහරින් නොමළ අය බබිලෝනියට ගෙන ගියේ ය. පාර්සිවරුන් රජකමට පත්වීම දක්වා ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ඔව්හු දාසයන් ව සිටියෝ ය.


සෙනඟගෙන් නගරයේ ඉතිරි ව සිටි අය ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අය ද සමූහයාගෙන් අනික් අය ද රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේ ය.


ජාකොබ්ගේ පෙළපතින් පැවත ආ සියල්ලෝ හැත්තෑදෙනෙක් වූ හ. ජෝසෙප් එවකට මිසරයෙහි සිටියේ ය.


නෙබුකද්නෙශර් අල්ලාගෙන ගිය සෙනඟගේ ගණන මෙසේ ය: හත් වන අවුරුද්දේ දී ජුදෙව්වරු තුන්දහස් විසිතුන්දෙනෙකි.


එනෙබුකද්නෙශර්ගේ විසිතුන් වන අවුරුද්දේ දී රැකවල් සේනාධිපතියා වූ නෙබුසරදාන් ජුදෙව්වරුන් හත්සිය හතළිස්පස්දෙනෙකු අල්ලාගෙන ගියේ ය. ඒ සියල්ලෝ ම හාරදහස් හයසියයක් වූ හ.


ජුදාහි රජු වූ ශෙදෙකියාගේ දස වන අවුරුද්දේ දී එනම්, නෙබුකද්නෙශර්ගේ දසඅට වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්