Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 52:11 - Sinhala New Revised Version 2018

11 තවද බබිලෝනියේ රජ ශෙදෙකියාගේ ඇස් උගුලා, අතට විලංගු ලා, බබිලෝනියට ගෙන ගොස්, ඔහුගේ මරණය දක්වා ඔහු හිර ගෙයි දමා තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 තවද බබිලෝනියේ රජ ශෙදෙකියාගේ ඇස් උගුලා, අතට විලංගු ලා, බබිලෝනියට ගෙන ගොස්, ඔහුගේ මරණය දක්වා ඔහු හිර ගෙයි දමා තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 තවද බබිලෝනියේ රජ ශෙදෙකියාගේ ඇස් අන්ධකර, ඔහුට විලංගු දමා, බබිලෝනියට ගෙනගොස්, ඔහුගේ මරණ දවස දක්වා ඔහු හිරගෙයි දමා තැබීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 52:11
7 හුවමාරු යොමු  

ජුදාහි රජු වන ශෙදෙකියා ද ඔහුගේ සේවකයෝ ද මහා වසංගතයකින් මරනු ලබති. මහා වසංගතයෙන් ද කඩුවෙන් ද සාගතයෙන් ද ගැළවෙන සෙනඟත්, නගරයේ ඉතිරි වන සෙනඟත්, මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතටත්, ඔවුන්ගේ සතුරන් අතටත්, ඔවුන් ඝාතනය කරන්නට සොයන අය අතටත් පාවා දෙන්නෙමි. නෙබුකද්නෙශර් ඔවුන් මරාදමනු ඇත; ඔවුන් එකෙකු වත් ඉතිරි කරන්නේ නැත. ඔවුන්ට කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’ ”


තවද, ඔහු ශෙදෙකියාගේ ඇස් උගුලාදමා, ඔහු බබිලෝනියට ගෙන යන පිණිස විලංගු දැමවී ය.


එතුමාණෝ තම මණ්ඩපය වත්තක් මෙන් පාළු කරදැමූ සේක. ස්වකීය රැස්වීම් ස්ථානය විනාශ කළ සේක. සමිඳාණෝ සියොන්හි මංගල්‍ය සහ සබත් දවස මතක නැති කරවූ සේක. තම බලවත් කෝපයෙන් රජු සහ පූජකයා ඉවත් කළ සේක.


මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි. ඔහු මාගේ මලපතට අසු වන්නේ ය. මම කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනියට ඔහු ගෙන යන්නෙමි. එහෙත්, ඔහු එය නොදකින්නේ ය. ඔහු එහි දී මැරෙනු ඇත.


“මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ‘ඔහු රජකමට පත් කළ රජුගේ දිවුරුම් ඔහු සුළු කොට ඔහුගේ ගිවිසුම කඩ කළ නිසා, ඔහු ඒ රජු වාසය කරන බබිලෝනියේ දී ම ඒ රජු ළඟ ම නසින්නේ ය.


ඔවුන් නුඹට විරුද්ධ ව උතුරු දේශයෙන් ආයුධ සහ රථ ද ගැල් ද ජන සමූහයක් ද ඇති ව අවුත්, පලිහ සහ කුඩා පලිහ ද යුද හිස් වැසුම් ද ඇති ව නුඹට විරුද්ධ ව හාත්පසින් සිටිනු ඇත. ඔවුන්ගේ නීති අනුව නුඹ විනිශ්චය කරන පිණිස මම ඔවුන්ට නුඹ භාර දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්