Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 51:59 - Sinhala New Revised Version 2018

59 මයසේයාගේ පුත් වූ නේරියාගේ පුත් වන සෙරායා ජුදාහි රජු වූ ශෙදෙකියාගේ රජ දවසේ සතර වන අවුරුද්දේ දී ඔහු සමඟ බබිලෝනියට යන විට දිවැසිවර ජෙරමියා සෙරායාට මේ ආඥාව දුන්නේ ය. සෙරායා වනාහි රජුගේ ගබඩා නිලමේ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

59 මයසේයාගේ පුත් වූ නේරියාගේ පුත් වන සෙරායා ජුදාහි රජු වූ ශෙදෙකියාගේ රජ දවසේ සතර වන අවුරුද්දේ දී ඔහු සමඟ බබිලෝනියට යන විට දිවැසිවර ජෙරමියා සෙරායාට මේ ආඥාව දුන්නේ ය. සෙරායා වනාහි රජුගේ ගබඩා නිලමේ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

59 මයසේයාගේ පුත්‍රවූ නේරියාගේ පුත්‍රයාවන සෙරායා යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ සතරවෙනි අවුරුද්දේදී ඔහු සමඟ බබිලෝනියට යනවිට අනාගතවක්තෘවූ යෙරෙමියා සෙරායාට අණකළ වචනයය. සෙරායා වනාහි ගබඩා නිලමේ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:59
6 හුවමාරු යොමු  

එවිට ජෙරමියා නේරියාගේ පුත් බාරුක් කැඳවාගත්තේ ය; බාරුක් ද සමිඳාණන් වහන්සේ ජෙරමියාට කියා තිබුණ, උන් වහන්සේගේ සියලු ම වචන ඔහුගේ මුඛයෙන් අසා අකුළන පොතක ලියුවේ ය.


මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් ඉදිරියේ දී ද ඔප්පුවට අත්සන් තැබූ සාක්ෂිකරුවන් ඉදිරියේ දී ද හිරගෙයි මළුවේ හිඳගෙන උන් සියලු ජුදෙව්වරුන් ඉදිරියේ දී ද මිලේට ගැනීමේ ඔප්පුව මයසේයාගේ පුත් වන නේරියාගේ පුත් බාරුක්ට මම දිනිමි.


ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී නේරියාගේ පුත් බාරුක් දිවැසිවර ජෙරමියාගේ මුඛයෙන් අසා මේ වචන පොතක ලියුවේ ය.


එම අවුරුද්දේ ම එනම්, ජුදාහි රජු වූ ශෙදෙකියාගේ රාජ්‍ය කාලයේ සතර වන අවුරුද්දේ පස් වන මාසයේ දී, අස්සුර්ගේ පුත් ගිබියොන්හි පදිංචි දිවැසිවර හනනියා දේව මාලිගාවේ දී පූජකයන් සහ මුළු සෙනඟ ඉදිරියේ ජෙරමියාට කතා කෙළේ ය.


ශෙදෙකියා විසිඑක් වයසේ දී රජකමට පැමිණ එකොළොස් අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම හමුවල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුව ය.


එහෙත්, අපේ පියවරුන් විසින් ස්වර්ගයේ දෙවියන් වහන්සේ උදහස් කරනු ලැබූ බැවින් උන් වහන්සේ කල්දිය වූ බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහු ද මේ මාලිගාව විනාශ කොට සෙනඟ බබිලෝනියට ගෙන ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්