Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 50:40 - Sinhala New Revised Version 2018

40 දෙවියන් වහන්සේ සොදොම් හා ගොමොරා ද ඒ අසල නගර ද විනාශ කළ කාලයේ දී මෙන්, කිසි ම මිනිසෙක් එහි වාසය නොකරන්නේ ය. කිසිවෙක් ජීවත් වන්නේ නැත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 දෙවියන් වහන්සේ සොදොම් හා ගොමොරා ද ඒ අසල නගර ද විනාශ කළ කාලයේ දී මෙන්, කිසි ම මිනිසෙක් එහි වාසය නොකරන්නේ ය. කිසිවෙක් ජීවත් වන්නේ නැත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 දෙවියන්වහන්සේ විසින් සොදොමද ගොමොරාවද එහි අසල නුවරවල්ද නාස්තිකළ කාලයේ මෙන්, මනුෂ්‍යයෙක් එහි වාසය නොකරන්නේය, කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් එහි පොරොත්තුව නොසිටින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 50:40
15 හුවමාරු යොමු  

තවද සොදොම් හා ගොමොරා ද, අවට පිහිටි නගර ද සිහි කරන්න. එහි වැසියෝ ඒ දේව දූතයන් මෙන් ම අවකල්ක්‍රියා ද අස්වාභාවික දූෂ්‍යකම් ද කරමින් සදාතන ගින්නේ දඬුවම වින්දෝ ය. එය සියල්ලන්ට ම අනතුරු ඇඟවීමේ ලකුණකි.


තවද උන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර විනාශයට තීන්දු කරමින් ගිනිබත් කොට අනාගතයේ දී අභක්තිකයන් ලෙස හැසිරෙන්නන්ට අනතුරු හැඟවීමක් කළ සේක.


සොදොම්හි සහ ගොමොරාවේ ද එහි අසල නගරවල ද ඇති වූ විනාශය ඒදොම්ටත් සිදු වන්නේ ය. කිසි මිනිසෙක් එහි වාසය නොකරන්නේ ය. කිසිවෙක් එහි පදිංචි නොවන්නේ ය.


ඔවුන්ගේ මළකඳන්, උපමා අර්ථයෙන් සොදොම් නොහොත් මිසරය යයි කියන, ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ, මහා නුවර වීදියෙහි හෙළනු ලබන්නේ ය.


ජීවමාන දෙවියන් වහන්සේ වන මම මාගේ නාමයෙන් දිවුරා, මෝවබ්, සොදොම් මෙන් ද අම්මොන්, ගොමොරා මෙන් ද විනාශ කරමි. ඒ දෙරට කහඹිලියා හා ලුණු වළවල් ඇති බිමක් ද සදහට ම පාළු වූ ස්ථානයක් ද කරන්නෙමි. මාගේ සෙනඟ අතුරෙන් ඉතිරි ව සිටින අය ඒ දෙරට කොල්ලකන්නෝ ය. මාගේ ජාතීන්ගෙන් ඉතිරි වූ අය ඔවුන්ගේ රට උරුම කරගන්නෝ ය.”


“දෙවියන් වහන්සේ වන මම සොදොම් සහ ගොමොරා විනාශ කරදැමුවාක් මෙන්, නුඹලා අතරෙන් සමහරෙකු විනාශ කොටදැමුවෙමි; නුඹලා ගින්නෙන් ඇදගත් ගිනි පෙනෙල්ලක් වැනි ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


ගොඩනැඟිල්ලක කොණකට ගලක් වත්, අත්තිවාරම්වලට ගලක් වත් නුඹෙන් ගනු නොලැබේ. නුඹ සදාකාලයට ම පාළුකරයක් වන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


සව් බලැති සමිඳාණෝ මෙසේ ටික දෙනෙකුට ඉතිරි වන්න ඉඩ නුදුන් සේක් නම්, ජෙරුසලම ද සොදොම් හා ගොමොරා මෙන් සහමුලින් ම විනාශ වන්න ඉඩ තිබිණි.


උන් වහන්සේ වනසා දැමූ සොදොම් සහ ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන නගරවල මෙන්, ඒ මුළු රටෙහි කිසි වැපිරීමක් වත්, පලා ජාතියක් වත්, තණකොළ ගහක් පවා හටගැනීමක් වත් නැති ව, ගෙන්දගම් සහ ලුණුවලින් ඒ රට පිරී දැවෙමින් තිබෙනු ඇත.


කලිනුත් යෙසායා මෙසේ පවසා ඇත: “සව් බලැති සමිඳාණන් වහන්සේ අපට වංශයක් ඉතිරි නොකළ සේක් නම්, අපට වන්නේ සොදොමට වූ දෙය ම ය; ගොමොරාවට වූ දෙය ම ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්