Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 5:9 - Sinhala New Revised Version 2018

9 මේ කාරණා නිසා මම ඔවුන්ට දඬුවම් නොකර සිටිම් ද? මෙවැනි ජාතියකින් මම පළි නොගෙන සිටිම් ද? මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මේ කාරණා නිසා මම ඔවුන්ට දඬුවම් නොකර සිටිම් ද? මෙවැනි ජාතියකින් මම පළි නොගෙන සිටිම් ද? මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 මේ කාරණා නිසා මම දඬුවම් නොකර සිටින්නෙම්ද? මෙබඳු ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 5:9
23 හුවමාරු යොමු  

මේ කරුණු නිසා ඔවුන්ට දඬුවම් නොකර මට සිටිය හැකි ද? මෙවැනි ජාතියකින් පළි නොගෙන මට, සිටිය හැකි ද? මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


එහෙයින්, මේ කාරණා නිසා මම ඔවුන්ට දඬුවම් කරමි; මේ ජාතියෙන් මම පළිගන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි; උන් වහන්සේට විරුද්ධ වන්නන්ට උන් වහන්සේ දඬුවම් කරන සේක; උදහසින් ඔවුන්ට දඬුවම් දෙන සේක. උන් වහන්සේ තම එදිරිකාරයන්ට දඬුවම් කරන සේක; උන් වහන්සේ තම සතුරන් කෙරෙහි උදහසින් සිටින සේක.


මාංස පූජා කිරීමටත්, පූජා කරන මස් කෑමටත් ඔව්හු කැමැති ය. එහෙත්, සමිඳාණෝ එය ප්‍රිය නොකරන සේක. දැන් උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම් සිහි කොට, ඔවුන්ගේ පාපවලට නිසි දඬුවම් දෙන සේක. ඔවුන් ආපසු මිසර දේශයට යනු ඇත.


ඈ කනකර අබරණ පළඳිමින්, පෙම්වතුන් පසුපස දුවමින්, බාල් දේවතාවන්ට සුවඳ දුම් පුදමින් මා අමතක කළ බැවින් මම ඈට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ සමිඳාණන් ය.”


මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරන්නෙමි. පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. පහර දෙන්නේ ස්වාමීන් වන මා බව මෙසේ නුඹලා දැනගන්නහු ය.


එම්බා සියොන් පුරඟන, ඔබේ අයුතුකමේ දඬුවම ඉටු විය. එතුමාණෝ තවත් ඔබ විප්‍රවාසයට ගෙන නොයන සේක. එම්බා ඒදොම් පුරඟන, එතුමාණෝ ඔබේ අයුතුකමට දඬුවම් කරන සේක. ඔබේ පව් එළිදරව් කරන සේක.


එසේ ඔබේ දුෂ්ටකම් ද ඔබ කළ පිළිකුල් ක්‍රියා ද සමිඳාණන් වහන්සේට තවත් ඉවසන්නට නොහැකි විය. එබැවින් ඔබේ දේශය අද තිබෙන හැටියට වැසියෙකු නැති ව, පාළු වී, සාප ලද්දක් ව තිබේ;


මාගේ සෙනඟ පෝෂණය කළ යුතු මේ එඬේරුන් ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න, ‘නුඹලා මාගේ බැටළුවන් රැක බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහු ය. දැන් මම නුඹලාගේ නපුරු ක්‍රියා නිසා නුඹලාට දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ සව් බලැති සමිඳාණන් වදාරන මේ දේට සවන් දෙන්න; “මම මාගේ එදිරිකාරයන් අබිබවා මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි;


එම්බා ජනයෙනි! දේව සෙනඟ ගැන ප්‍රීති වන්න. එතුමාණෝ මරණයට පත් වූ සිය සෙනඟ වෙනුවෙන් පළිගන්න සේක; සතුරන්ට දඬුවම් දෙන සේක; එහෙත්, සිය සෙනඟගේ දේශයට අනුකම්පා කරන සේක.”


ඔවුන් වැරදි පියවරක් ගන්න විට පළිගැනීම හා ප්‍රතිඵල දීම මාගේ ය. ඔවුන්ගේ විපත්ති දවස ළඟ ය; ඔවුන්ගේ අවසානය වහා පැමිණේ.


මාගේ ගිවිසුම කඩ කළ නිසා දඬුවම් කරනු පිණිස නුඹලාගේ රටට යුද්ධයක් පමුණුවනු ලැබේ. නුඹලා නගරවල එක් රැස් වී සිටින විට මම නුඹලා අතරට වසංගත පමුණුවන්නෙමි. නුඹලාගේ සතුරන්ගේ බලයට නුඹලා පාවා දෙනු ලබන්නහු ය.


නමස්කාර කරන පිණිස නුඹලා මිටියාවතේ ගල් ගෙන ඒවාට පාන පූජා වගුරුවා, ආහාර පූජා කරන්නහු ය. නුඹලා මේ දේවල් කරද්දී මම සතුටු වන්නෙම් ද?


දේශය සහමුලින් ම විනාශ නොකර මිදි අතු කපා දමන්නට කියා ද අතු සමිඳාණන් වහන්සේට අයිති නැති නිසා ඒවා කපා දමන්නට කියා ද මම නියම කරමි.


මේ නගරය ගොඩනැඟුව දා පටන් අද දක්වා මාගේ උදහසත්, මාගේ කෝපයත් ඉපදවීමට එය හේතුවක් විය. ඒ නිසා මා ඉදිරියෙන් එය නැති කිරීමට මම තීරණය කෙළෙමි.


“අපි වනාහි වරද කොට කැරලි ගැසීමු; ඔබ කමා නොකළ සේක.


ඔව්හු එසේ හැසිර දේශය කෙලෙසාගත්හ. එබැවින් මම ඔවුන්ගේ දුෂ්ටකමට දඬුවම් දෙමි. ඒ දේශය පවා තම වැසියන් නෙරපා දමන්නේ ය.


සිය අසල්වැසියාගේ බිරිඳ වෙත එළඹෙන අයට එසේ වේ. ඇයට අත තබන කිසිවෙක් දඬුවම් නොලැබ නොසිටියි.


“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ජෙරුසලම වටලන පිණිස ගස් කපාගෙන බලකොටු සාදාගන්න. දඬුවම ලැබිය යුතු නගරය මෙය වේ. තාඩන පීඩන හැර අන් කිසිවක් එහි නැත.


ඒ නිසා සමිඳුනි, මම ඔබේ කෝපයෙන් පිරී සිටිමි. එයින් මම වෙහෙසට පත් වී සිටිමි.” එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “වීදිවල සිටින ළමයින් පිටත්, තරුණයන්ගේ රැස්වීම් පිටත් මාගේ කෝපය වගුරන්න. පුරුෂයා භාර්යාව සමඟ ද මහලු අය ඉතා වයස්ගත අය සමඟ ද ගෙනයනු ලබන්නෝ ය.


ඔවුන්ගේ දිව් මාරක ඊගස් වැනි ය. ඒවා කියන්නේ බොරු ම ය. ඔවුන්ගේ මුව අසල්වැසියාට සාමයෙන් කතා කරන නමුත්, තමන්ගේ සිත් තුළ සතුරු උපායයන් යොදයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්