Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 48:37 - Sinhala New Revised Version 2018

37 සියලු දෙනා ම හිස් මුඩු කරගෙන රැවුල් කපා දමා ඇත. ඔවුන් සිය අත් කපාකොටාගෙන ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 සියලු දෙනා ම හිස් මුඩු කරගෙන රැවුල් කපා දමා ඇත. ඔවුන් සිය අත් කපාකොටාගෙන ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 සියලුම ඉස් මුඩුකර, සියලුම රැවුල් කපා තිබේ. සියලුම අත්වල කැපීම්ද ඉඟටිවල ගෝණි රෙදිද තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 48:37
22 හුවමාරු යොමු  

“ගාසාහි ජනයා පිට මහා පීඩනයක් පැමිණ ඇත. අෂ්කෙලෝන්හි සෙනඟ විපතට පත් වී සිටිති. පිලිස්තියේ ඉතිරි සෙනඟ තව කොපමණ කල් තමන්ගේ ශරීර කපා කොටාගන්නෝ ද?


ෂෙකෙම්හි ද ෂිලෝහි ද සමාරියේ ද සිටි මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාගෙන, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පුද කරන පිණිස ආහාර පූජා ද ගන්ධරස ද රැගෙන ආහ.


දුකින් තම වස්ත්‍ර ඉරාගෙන, තම ඉණ වටා හණ රෙදි ඇඳගෙන, බොහෝ දිනක් තම පුත්‍රයා නිසා වැලපුණේ ය.


මේ දේශයේ ලොකු කුඩා අය මැරෙනු ඇත. ඔවුන් වළලනු ලබන්නේ වත්, කිසිවෙකු ඔවුන් ගැන විලාපයක් කියන්නේ වත් නැත. කිසිවෙකු ශෝකයෙන් සිය ශරීරය කපාගන්නේ වත්, හිස මුඩු කරගන්නේ වත් නැත.


එයට තුන් අවුරුද්දකට පෙර සමිඳාණන් වහන්සේ ආමොස්ගේ පුත්‍ර වූ යෙසායාට කතා කොට, ඔහු ඉඟ වටා ඇඳ සිටි ගෝණි රෙද්ද හා ලා ගෙන සිටි පාවහන් ඉවත දමන්න අණකළ සේක. ඔහු එසේ කොට වස්ත්‍ර ද පාවහන් ද නැති ව ඇවිද්දේ ය.


තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනා යවන්නෙමි. ඔව්හු ගෝණි රෙදි හැඳ, එක් දහස් දෙසිය සැට දවසක් දිවැස් වැකි කියන්නෝ ය”යි මට කියන ලදී.


ඔහු දිවා රෑ දෙක්හි ම, කෑකෝගසමින් ද ගල්වලින් කපාගනිමින් ද සොහොන් ගුහා අතරත්, කඳු බෑවුම්වලත් සිටියේ ය.


නුඹලාගේ ප්‍රියාදර දරුවන් නිසා හිස කෙස් කපන්න, හිස බූගාන්න. ඔවුන් නුඹලා වෙතින් වහල්කමට ගෙනයනු ලබන නිසා ගිජු ලිහිණියෙකුගේ හිස මෙන් හිස මුඩු කරගන්න.”


නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යන් කරන්නෙමි; නුඹලාගේ තුති ගී ළතෝනි බවට හරවන්නෙමි. නුඹලාගේ බඳ වටා ගෝණි හඳවා හිස් මුඩු කරන්නෙමි. එක ම පුතාගේ මරණය නිසා වැලපෙන දෙමවුපියන් මෙන් නුඹලා වැලපෙන්නහු ය. ඒ දවස කෙළවර දක්වා තිත්ත ම තිත්ත වන්නේ ය.


ඔව්හු නුඹ නිසා හිස් මුඩු කරගෙන, ගෝණි රෙදි ඇඳගෙන සිතේ ශෝකයෙන් මහා විලාප කියමින් නුඹ ගැන අඬන්නෝ ය.


ඔව්හු ගෝණි රෙදි ඇඳගන්නෝ ය. භීතියෙන් ඇලළී යන්නෝ ය. හිස් මුඩු කරනු ලැබූ ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය.


හෙසකියා රජ ඒ අසා ශෝකයෙන් තමාගේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පොරවාගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පිවිසියේ ය.


එවිට සුවඳ ද්‍රව්‍ය වෙනුවට දුගඳ ද බඳ පටි වෙනුවට ලණුවක් ද මනා ලෙස ගෙතූ වරලස වෙනුවට හිස් මුඩුකම ද ශෝභමාන ඇඳුම් වෙනුවට දළ රෙදි ද රූපශ්‍රීය වෙනුවට විළිලජ්ජාව ද ඔවුන්ට ඇති වන්නේ ය.


එකල රජ පවුර පිට යමින් සිටියේ ය. ඔහු වනාහි ස්ත්‍රියගේ වචනය අසා මවිත වී තමාගේ ඇඳුම් ඉරාගත්තේ ය. සෙනඟ ද ඔහු දෙස බලා ඔහු ඇඟ යටට ගෝණි රෙදි ඇඳ තිබෙනු දුටුවෝ ය.


ආහබ් ඒ වචන ඇසූ විට ශෝකයෙන් තම ඇඳුම් ඉරාගෙන, ඇඟේ හමට ගෑවෙන පරිදි ගෝණි රෙදි දමාගෙන, නිරාහාර ව ගෝණි රෙදි පිට නිදාගනිමින් කලකිරුණ ස්වභාවයකින් හැසුරුණේ ය.


ඔව්හු මහත් හඬින් මොරගසා තමන්ගේ සිරිත අනුව ලේ ඇඟේ ගලා යන තුරු පිහිවලිනුත්, හෙල්ලවලිනුත් තමන්ගේ ශරීර කපාගත්හ.


මළගිය ඇත්තන් නිසා නුඹලාගේ සිරුරෙහි කැපුමක් නොකළ යුතු ය. ඇඟේ හමේ රූප කොටා නොගත යුතුය. මම සමිඳාණන් වහන්සේ වෙමි.


එහෙත්, රූබන් ආපසු වළ ළඟට ආ විට පුදුමයකි, ජෝසෙප් වළේ නොසිටි බැවින්, ඔහු දුකින් පිරී තම වස්ත්‍ර ඉරා ගෙන,


අහෝ, හෙෂ්බොන් වැසියෙනි! කෑමොරගසන්න; මන්ද, හායි නටබුන් ගොඩක් විය. එම්බා, රබ්බා වනිතාවෙනි! කෑගසමින්, ගෝණි රෙදි හැඳගෙන, විලාප කියමින් වැටකොටු අතරේ ඔබමොබ දුවන්න. මන්ද, මල්කාම් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එක් ව වහල්කමට යන්නෝ ය.


“මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තීර්ට විරුද්ධ ව දරුණු සටනක් ඇරඹුවේ ය. ඔහුගේ හේවායන් පිට මහා බර උසුලාගෙන යන්න ඔහු සැලැසූ නිසා ඔවුන්ගේ හිස් මුඩු විය. උරහිස්වල හම ගියේ ය. එහෙත්, ඔහු තීර්ට විරුද්ධ ව කළ සටනින් ඔහුට වත්, ඔහුගේ සේනාවට වත් තීර්ගෙන් කිසි වාසියක් ලැබුණේ නැත.


එවිට හානුන් දාවිත්ගේ සේවකයන් අල්ලා, ඔවුන්ගේ රැවුල් බූගා, දණ හිසෙන් ඉහළට ඔවුන්ගේ ඇඳුම් මැදින් කපා දමා ඔවුන් යන්න හැරියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්