Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 48:24 - Sinhala New Revised Version 2018

24 කෙරියෝත් ද බොශ්රා ද යන නගර පිටත්, ළඟපාත හා ඈත ඇති මෝවබ් දේශයේ සියලු ම නගර පිටත් විනිශ්චය පැමිණ තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 කෙරියෝත් ද බොශ්රා ද යන නගර පිටත්, ළඟපාත හා ඈත ඇති මෝවබ් දේශයේ සියලු ම නගර පිටත් විනිශ්චය පැමිණ තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 කෙරියෝත්ද බොශ්රාද පිටටත් මෝවබ් දේශයේ සියලුම නුවරවල් පිටටත් ඒවා දුර වුවත් ළඟ වුවත් විනිශ්චය පැමිණ තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 48:24
8 හුවමාරු යොමු  

බෙලා මළ පසු, ඔහු වෙනුවට බොශ්රායේ ශෙරාගේ පුත්‍ර ජෝබාබ් රජකම් කෙළේ ය.


ඒදොම්හි සිට රතු ලේ පැහැති ඇඳුම් ඇඳ, අලංකාර වස්ත්‍රවලින් සැරසී, මහා බලසම්පන්න ව ගමන් කරමින් බොශ්රාවෙන් එන මේ තැනැත්තා කවරෙක් ද? ඒ වනාහි, ජයග්‍රහණය ප්‍රකාශ කරන පිණිස ගැළවීම ගෙන දෙන්න බලවත් වන සමිඳාණෝ ය.


නගර සතුරාට අසු වනු ඇත; බලකොටු අල්ලා ගනු ලැබේ; මෝවබ්හි හේවායන්ගේ සිත ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් වන්නේ ය.


බොශ්රා නගරය භීතියට ද සරදමට ද පාළුවට ද සාපයට ද ලක් වන බව මම දිවුරා කියමි. එහි අසල නගර සදහට ම පාළු වී යනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


මම මෝවබ් දේශය පිට ගින්නක් එවා කෙරියොත්හි බලකොටු දවා අළු කර දමමි. හේවායන්ගේ ගෝරනාඩුව හා හොරණෑවල බෙරිහන්දීමත් සමඟ යුද්ධ ඝෝෂාව මැද මෝවබ් වැසියන් විනාශ වනු ඇත.


මෙලෙස රූබන්ගේ ගෝත්‍රය සඳහා පාළුකරයෙහි තැනිතලා භූමියෙහි පිහිටි බෙශෙර් නගරය ද ගාද්ගේ ගෝත්‍රය සඳහා ගිලියද් දේශයේ රාමොත් නගරය ද මනස්සේගේ ගෝත්‍රය සඳහා බාෂාන් ප්‍රදේශයේ ගෝලාන් නගරය ද ඇති විය.


රූබන් ගෝත්‍රයෙන් බෙශෙර් සහ ඒ අවට තණ බිම් ද ජාහශ් සහ ඒ අවට තණ බිම් ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්