යෙරෙමියා 44:23 - Sinhala New Revised Version 201823 ඔබ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී, උන් වහන්සේගේ අණපනත් ද නියෝග ද ශික්ෂා පද ද අනුව නොහැසිර, සුවඳ දුම් පුද කළ නිසාත්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසාත් අද දකින්නට ලැබෙන මේ මුළු විපත්තිය ඔබට පැමිණ තිබේ යැ”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 ඔබ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී, උන් වහන්සේගේ අණපණත් ද නියෝග ද ශික්ෂා පද ද අනුව නොහැසිර, සුවඳ දුම් පුද කළ නිසාත්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසාත් අද දකින්නට ලැබෙන මේ මුළු විපත්තිය ඔබට පැමිණ තිබේ යැ”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 නුඹලා ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, උන්වහන්සේගේ ව්‍යවස්ථාවේද නියෝගවලද ශික්ෂාවලද හැටියට නොහැසිර, සුවඳ දුම් ඔප්පුකළ නිසාත්, ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ නිසාත්, අද තිබෙන හැටියට මේ මුළු විපත්තිය නුඹලාට පැමිණ තිබේයයි කීවේය. පරිච්ඡේදය බලන්න |
උන් වහන්සේගේ පනත් ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම ද ඔවුන්ට උන් වහන්සේ දුන් උන් වහන්සේගේ අවවාද ද එපා කර, වැදගැම්මක් නැති නිෂ්ඵල රූපවලට නමස්කාර කොට, වැදගැම්මක් නැති අය වෙමින් ඔවුන් වටකර සිටි විජාතීන් මෙන් නොකරන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ නමුත්, ඒ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව හැසුරුණෝ ය.