Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 37:5 - Sinhala New Revised Version 2018

5 ඒ අතරතුරේ දී පාරාවෝගේ සේනාව මිසරයෙන් පිටත් ව ආවෝ ය. ජෙරුසලම වටලාගෙන සිටි බබිලෝනිවරු ඒ ආරංචිය අසා ජෙරුසලමෙන් ඉවත් ව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඒ අතරතුරේ දී පාරාවෝගේ සේනාව මිසරයෙන් පිටත් ව ආවෝ ය. ජෙරුසලම වටලාගෙන සිටි බබිලෝනිවරු ඒ ආරංචිය අසා ජෙරුසලමෙන් ඉවත් ව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 තවද ඵාරාවෝගේ සේනාව මිසරයෙන් පිටත්ව ආවෝය. යෙරුසලම වටලාගන සිටි කල්දිවරු ඔවුන් ගැන ආරංචි අසා යෙරුසලම කෙරෙන් අහක්ව ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 37:5
7 හුවමාරු යොමු  

එහෙත්, ජුදාවේ රජ කැරලිගසා අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්න පිණිස තමාගේ තානාපතියන් මිසරයට යැව්වේ ය. ඔහු ජය ගනීවි ද? මෙබඳු දේ කරන්නාට ගැළවෙන්න පුළුවන් ද? ගිවිසුම කඩ කළායින් පසුත් ඔහුට ගැළවෙන්න හැකි වේ ද?


තවද, පාරාවෝගේ සේනාවට බියෙන් බබිලෝනිවරුන්ගේ සේනාව ජෙරුසලම කෙරෙන් ගිය කල,


මම ජුදා රජු වූ ශෙදෙකියා ද ඔහුගේ අධිපතීන් ද ඔවුන්ගේ සතුරන් අතටත්, ඔවුන්ගේ ප්‍රාණ හානි කරන්නට සොයන්නන් අතටත්, නුඹලා වෙතින් ඈත් ව ගිය බබිලෝනියේ රජුගේ සේනාව අතටත් පාවා දෙන්නෙමි.


බබිලෝනියේ රජ නයිල් ගංගාව පටන් යුප්‍රටීස් ගංගාව දක්වා මිසර රජුට අයිති සියල්ල ගත් නිසා, මිසරයේ රජ තවත් තම දේශයෙන් පිටතට ආවේ නැත.


“මාගෙන් විමසන පිණිස නුඹලා මා වෙත එවූ ජුදාහි රජුට මෙසේ කියන්න: ‘මෙන්න, නුඹලාට සහායට පැමිණි පාරාවෝගේ සේනාව තමන්ගේ දේශය වන මිසරයට හැරී යනු ඇත.


එවිට ඉශ්රායෙල්හි දෙවි ස්වාමීන් වහන්සේ දිවැසිවර ජෙරමියාට මෙසේ වදාළ සේක:


ඔහු බොහෝ දෙනෙකු සිඳදමන පිණිස පස් කඳු සාදා බලකොටු ගොඩනඟන කල, යුද්ධයෙහි දී පාරාවෝ තමාගේ බලවත් සේනාව ද මහා සමූහය ද ඇති ව ඔහු උදෙසා කිසි උදව්වක් කරන්නේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්