Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 36:9 - Sinhala New Revised Version 2018

9 තවද, ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ පස් වන අවුරුද්දේ නව වන මාසයේ දී ජෙරුසලමේ මුළු සෙනඟ ද ජුදාහි නගරවලින් ජෙරුසලමට ආ මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි උපවාසයක් පැවැත්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 තවද, ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ පස් වන අවුරුද්දේ නව වන මාසයේ දී ජෙරුසලමේ මුළු සෙනඟ ද ජුදාහි නගරවලින් ජෙරුසලමට ආ මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි උපවාසයක් පැවැත්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ‍තවද යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ පස්වෙනි අවුරුද්දේ නවවෙනි මාසයේදී යෙරුසලමේ මුළු සෙනඟද යූදාහි නුවරවලින් යෙරුසලමට ආ මුළු සෙනඟද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උපවාසයක් ප්‍රකාශකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 36:9
16 හුවමාරු යොමු  

එවිට ජෙහෝෂාපාට් බිය වී, සමිඳාණන් වහන්සේට යැදීමට ඉටාගෙන ජුදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශ කෙළේ ය.


නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය.


එය නව වන මාසය විය; රජ සිසිර විමානයේ සිටියේ ය. ඔහු ඉදිරියේ ගිනි භාජනයෙහි ගිනි දැල්වෙමින් තිබිණි.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සතර වන, පස් වන, සත් වන හා දස වන මාසවල පවත්වනු ලැබූ උපවාස උත්සව ජුදාහි සෙනඟට ප්‍රීති ප්‍රමෝදය ගෙන දෙන මංගල උත්සව වන්නේ ය. එබැවින් නුඹලා සත්‍යයටත්, සාමයටත් ඇලුම්වන්න.”


“පූජකවරුනි, ගෝණි රෙදි ඔතාගෙන වැලපෙන්න. පුදසුනේ සේවකයෙනි, කෑමොරගසන්න. පූජකවරුනි, ගෝණි රෙදි පොරවාගෙන මුළු රැයක් වැතිර සිටින්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට ආහාර පූජාවත්, පානීය පූජාවත් කිසිත් නැත.


ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක:


තවද, ඒ මාසයේ විසිහතර වන දා ඉශ්රායෙල් සෙනඟ නිරාහාර ව ගෝණි රෙදි හැඳ, තමන්ගේ හිස පිට පස් ලා ගෙන, උපවාසයක් සඳහා රැස් වූ හ.


“හත් වන මාසයේ දස වන දින පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. එදින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. එදින උපවාස කර, ගින්නෙන් දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.


එකල සියලු ඉශ්රායෙල්වරු ද සකල ජනයා ද ගොස් බෙතෙල්ට පැමිණ, එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හඬමින් සිට, එදා සවස් වන තෙක් නිරාහාර ව සිට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සහභාගිකමේ පූජා ද දවන යාග පූජා ද ඔප්පු කළෝ ය.


ඔව්හු මිශ්පා නගරයට රැස් වී වතුර ඇද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් වශයෙන් වත් කොට, ඒ දවසේ නිරාහාර ව සිට, “අපි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු”යි එහි දී කී හ. සාමුවෙල් මිශ්පාහි පදිංචි වී සිට ඉශ්රායෙල් ජනයා විනිශ්චය කෙළේ ය.


එබැවින් ඔබ ඇතුළු වී, ඔබ මාගේ මුඛයෙන් අසා ලියා තිබෙන පොතෙන්, සමිඳාණන් වහන්සේගේ වචන, උපවාස දවසේ දී සෙනඟ අසන පිණිස, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි දී කියවන්න. තම තමන්ගේ නගරවලින් එන සියලු ජුදා මිනිසුන්ට ඇසෙන පිණිස ඒවා ඔවුන්ට කියවන්න.


උපවාසයක් නියම කරන්න; අයැදුමට සෙනඟ රැස් කරන්න. ප්‍රජා මූලිකයන් සහ රටේ සියලු වැසියන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රැස් කරවා උන් වහන්සේට මොරගසන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්