Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 33:1 - Sinhala New Revised Version 2018

1 ජෙරමියා හිර ගෙදර මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරටත් ඔහු වෙත පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ජෙරමියා හිර ගෙදර මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරටත් ඔහු වෙත පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 තවද යෙරෙමියා හිරගෙදර මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී ස්වාමීන්වහන්සේගේ වචනය දෙවෙනි වර ඔහු වෙතට පැමිණ මෙසේ කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 33:1
6 හුවමාරු යොමු  

මෙසේ ජෙරුසලම සතුරන්ගේ අතට අසු වූ දවස දක්වා ජෙරමියා රැකවල් මළුවේ තබන ලදී.


ශෙදෙකියා රජ ද ජෙරමියා හිරගෙයි රැකවල් මළුවට යවන්නටත්, රොටි සියල්ල ම නගරයෙන් ඉවර වී යන තුරු දවස්පතා රොටියක් බැගින් රොටි සාදන්නන්ගේ වීදියෙන් ඔහුට ගෙන දෙන්නටත් අණ දුන්නේ ය. මෙසේ ජෙරමියා රැකවල් මළුවෙහි නැවතී සිටියේ ය.


සමිඳාණන් වහන්සේ වදාළ පරිදි, මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් හිරගෙයි මළුවට මා ළඟට අවුත්, “අනේ! බෙන්ජමින් දේශයෙහි අනාතොත්හි තිබෙන මාගේ කෙත මිලේට ගන්න; මන්ද, එහි උරුමයේ අයිතිය ඇත්තේ ඔබට ය; එය මිල දී ගන්නැ”යි කී ය. එවිට මෙය සමිඳාණන් වහන්සේගේ වචනය බව මම දැනගතිමි.


අපරාධකරුවෙකු මෙන් යදමින් බඳිනු ලැබ දුක් විඳින්නට මට සිදු වී තිබෙන්නේ ඒ නිසා ය. එහෙත් දේව වාක්‍යය, බැඳ තැබිය නොහැකි ය.


ජෙරමියා බාරුක්ට අණ කරමින් මෙසේ කීවේ ය: “මා හිරඅඩස්සි වී සිටින බැවින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීමට මට නොහැකි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්