Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 32:30 - Sinhala New Revised Version 2018

30 ඉශ්රායෙල් සෙනඟ ද ජුදාවේ සෙනඟ ද ඔවුන්ගේ ඉතිහාසයේ පටන්ගැන්මේ සිට ම කෙළේ, මා ඇස් හමුයෙහි නපුරු දේ පමණකි. එසේ ය, ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් කෙළේ, මා ප්‍රකෝප කරවන දේ පමණක් ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ඉශ්රායෙල් සෙනඟ ද ජුදාවේ සෙනඟ ද ඔවුන්ගේ ඉතිහාසයේ පටන්ගැන්මේ සිට ම කෙළේ, මා ඇස් හමුයෙහි නපුරු දේ පමණකි. එසේ ය, ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් කෙළේ, මා ප්‍රකෝප කරවන දේ පමණක් ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් සහ යූදා පුත්‍රයන්ද තමුන්ගේ යෞවන කාලයේ පටන් කරගන ආවේ මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේවල් පමණක්ය. එසේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ අත්වල ක්‍රියාවෙන් මට කළේ මා කෝපකරවන දේ පමණක්යයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 32:30
25 හුවමාරු යොමු  

‘එහෙත්, නුඹලා මට සවන් නොදී, ඒ වෙනුවට නුඹලාගේ අත්වලින් තනාගත් රූප කරණකොටගෙන මා කෝප කරවා, නුඹලා ම තමන් පිට මේ දඬුවම පමුණුවා ගත්තහු ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


ඔබ යෙහෙන් සුවෙන් සිටිය දී සමිඳාණන් වහන්සේ ඔබට කතා කළ සේක. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත. උන් වහන්සේගේ හඬට කීකරු නොවීම යොවුන් වියේ සිට ම ඔබේ පුරුද්දකි.


අපි ලජ්ජාවෙන් වැතිර සිටියෙමු. අපේ නින්දාව අප වසාගනී වා. මන්ද, අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපි ද අපේ පියවරු ද අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු.’ ”


පල අනුභව කිරීම පිණිස ද යහපත් දේ භුක්ති විඳීම පිණිස ද මා නුඹලා සාරවත් දේශයකට පැමිණෙවූ නමුත්, නුඹලා ඒ දේශයට ඇතුළු වී, එය කෙලෙසා මාගේ උරුමය පිළිකුලක් කළහු ය.


එහෙත්, ඔව්හු කැරලි ගසා, උන් වහන්සේගේ ශුද්ධාත්මයට දුක් දුන්නෝ ය. ඒ නිසා, එතුමාණෝ ඔවුන්ට සතුරු වී ඔවුන්ට විරුද්ධ ව සටන් කළ සේක.


සමිඳාණන් වහන්සේ ඒ යාග පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය කර මෙසේ සිතා ගත් සේක: “මිනිසා නිසා මින් මතු කවදා වත් මම පොළොවට සාප නොකරමි; යොවුන් වියේ පටන් මිනිසාගේ සිත නපුරට ඇදී යන බව මම දනිමි; මා මෙවර කළාක් මෙන් මින් මතු කවදා වත් සියලු ජීවමාන සතුන් විනාශ නොකරන්නෙමි.


ඔවුන්ගේ යොවුන් වියේ දී ම ඔව්හු මිසරයේ දී වේශ්‍යාකම් කළහ. ඔවුන්ගේ පියයුරු එහි දී මිරිකනු ලැබී ය; එහි දී ඔවුන්ගේ කුමරි වියෙහි තනපුඩු පිරිමදිනු ලැබී ය.


ඔවුන්ට දෙන ලෙස මා අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා ඔවුන් පැමිණෙවූ කල, ඔවුන් දුටු සියලු උස් හෙල් ද අතු පතර ඇති සියලු ගස් ද ඉදිරියෙහි ඔව්හු තමන්ගේ පූජා ඔප්පු කළහ; එසේ පඬුරු පිදීමෙන් ඔව්හු මා උදහසට පත් කළහ. එහි ඔව්හු තමන්ගේ සුගන්ධ ද්‍රව්‍ය පතුරුවා එහි ම තමන්ගේ පාන පූජා වැගිරෙවුවෝ ය.


එහෙත් ඔව්හු මට සවන් දෙන්න කැමැති නොවී මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. ඔවුන් තම තමන්ගේ ඇස්වලට ප්‍රිය වූ අවකල්ක්‍රියා පහකරදැමුවේ වත්, මිසරයේ දේව රූප අත්හැරියේ වත් නැත. ඒ නිසා මම මිසර දේශයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි.


සවන් දෙන්න, දේශය මුළුල්ලේ මාගේ සෙනඟ මොරගසමින්, “සමිඳාණන් වහන්සේ සියොන්හි නැද් ද? සියොන්හි රජතුමා එහි නැද්දැ”යි අසන හඬ දස දෙසින් මට ඇසේ. ඔවුන්ගේ රජ්ජුරුවන් වන සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹලා තමන් කැපූ පිළිමවලින් ද විදේශිකයන්ගේ නිෂ්ඵල රූපවලින් ද කුමට මා කෝප කළහු දැ”යි අසන සේක.


ඉශ්රායෙල් හා ජුදාව ඉදි කෙළේ, සියලු බලැති ස්වාමීන් වන මම ය. එහෙත්, මා දැන් ඔවුන්ට විපත්තිය නියම කර ඇත. ඔවුන් බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් වැරදි දේ කර තිබෙන නිසා, ඔවුන් මා කෝප කරවා ඇත.”


“නුඹලාගේ සියලු ප්‍රේමවන්තයෝ නුඹලා අමතක කළහ. ඔව්හු තවත් නුඹලා ගැන නොසලකති. නුඹලාගේ අයුතුකම් බරපතල නිසා ද පාප ක්‍රියා බහුල නිසා ද කිසි දයාවක් නැති ව සතුරකුට පහර දෙන පරිදි මම කෲර ලෙස නුඹලාට පහර දිනිමි.


“නුඹ අකුළන පොතක් රැගෙන, ජොෂියාගේ දවස්වල දී මා නුඹට වදාළ දින පටන් අද දවස දක්වා ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද සියලු ජාතීන් ද ගැන මා නුඹට කී සියලු ම වචන එහි ලියන්න.


එසේ වූයේ, ඔවුන් වත්, නුඹලා වත්, නුඹලාගේ පියවරුන් වත් නොඇදහූ අන් දෙවිවරුන්ට සේවය කිරීමෙන් හා සුවඳ දුම් පිදීමට යාමෙන්, මා කෝප කරවන ලෙස නුඹලා කළ නුඹලාගේ අධර්මිෂ්ඨකම් නිසා ය.


‘අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් නොකරන්න. ඔවුන්ට නමස්කාර නොකරන්න; ඔබේ අත්වලින් සාදාගත් දේව රූප නැමදීමෙන් දෙවියන් වහන්සේ ප්‍රකෝප නොකරන්න. එවිට මම නුඹලාට අනතුරක් නොකරමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ යි ද කී හ.


නුඹලා පදිංචි වන පිණිස පැමිණි මිසර දේශයේ දී, නුඹලාගේ පිළිමවලට හා අන් දෙවිවරුන්ට කරන පූජා කරණකොටගෙන මා කෝප කරවන්නේ මන් ද? මේ හේතුවෙන් සියල්ලන් විසින් නුඹලා අත්හරිනු ලැබ, මිහි පිට හැම ජාතීන් ඉදිරියෙහි නුඹලා නින්දාවටත්, සාපයටත් ගොදුරු වන්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්