Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 30:20 - Sinhala New Revised Version 2018

20 ඔවුන්ගේ දරුවෝ කලින් සිටි ලෙස වන්නෝ ය; ඔවුන්ගේ සභාව මා ඉදිරියෙහි ස්ථීර ව පවතිනු ඇත. ඔවුන්ට පීඩා කරන සියල්ලන්ට මම දඬුවම් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඔවුන්ගේ දරුවෝ කලින් සිටි ලෙස වන්නෝ ය; ඔවුන්ගේ සභාව මා ඉදිරියෙහි ස්ථීර ව පවතිනු ඇත. ඔවුන්ට පීඩා කරන සියල්ලන්ට මම දඬුවම් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ඔවුන්ගේ දරුවෝ පළමු සිටියාක් මෙන් වන්නෝය, ඔවුන්ගේ සභාවද මා ඉදිරියෙහි පිහිටෙනවා ඇත, ඔවුන්ට පීඩාකරන සියල්ලන්ට දඬුවම්කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 30:20
16 හුවමාරු යොමු  

ඔවුන්ටත්, ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධ වන පිණිස හැම කල්හි ම මා කෙරෙහි ගරුබිය දැක්වීමට එක ම හිතක් හා එක ම මඟක් ඔවුන්ට දෙන්නෙමි.


එම්බා ඉශ්රායෙලය! නුඹ මට පමණක් අයිති ව සිටියෙහි ය. නුඹ මට අස්වැන්නේ නාඹුල් ඵලය මෙන් විය. එයින් කෑ සියල්ලෝ වරදකරුවෝ වූ හ. ඒ නිසා ඔව්හු විපතට පත් වූ හ. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


නුඹලාගේ දෙවි සමිඳාණෝ නුඹලා ආරක්ෂා කරන සේක. එතුමාණෝ මෙසේ වදාරන සේක: “මාගේ උදහසින් නුඹලාට බොන්න දුන් මාගේ කුසලාන නුඹලා අතින් ඉවත් කරන්නෙමි. මින්පසු නුඹලා වැනෙන පමණට මාගේ කෝපය නමැති කුසලානෙන් නොබොන්නහු ය.


නුඹට පීඩා කරන්නන්ට ඔවුන්ගේ ම මාංසය කන්න සලස්වන්නෙමි. මත්පැන් බී මත් වන සේ, ඔව්හු තමන්ගේ ම ලේ බී, මත් වන්නෝ ය. එවිට මා සමිඳාණන් වන බවත්, නුඹලා මුදා නිදහස් කරන තැනැන් වහන්සේ බවත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණන් බලවත් බවත් මුළු මිනිස් වර්ගයා දැනගනු ඇත.”


ඔබේ මෙහෙකරුවන්ගේ දරුවෝ සුරැකි ව සිටින්නෝ ය. ඔවුන්ගේ පරපුර ද ඔබ ඉදිරියෙහි පිහිටුවනු ලබන්නේ ය.


මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස, මතු එන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේ වා!


“නුඹලා වනසන සියල්ලෝ ම වැනසෙති. නුඹලාගේ එදිරිකාර සියල්ලෝ ම හිරකරුවන් වශයෙන් ගෙනයනු ලබන්නෝ ය. නුඹලාගෙන් කොල්ලකන්නෝ කොල්ලකනු ලබන්නෝ ය. නුඹලා සතු දේ පැහැරගන්නන්ගෙන් ඔවුන් සතු දේ ද පැහැරගනු ලබන්නේ ය.


නුඹ ධර්මිෂ්ඨකමෙහි පිහිටුවනු ලබන්නෙහි ය. නුඹ පීඩාවෙන් දුරු ව බිය නැති ව සිටින්නෙහි ය. භීතියක් නුඹට ළං වන්නේ නැත.


නගරයේ වීථි සෙල්ලම් කරන බාලක බාලිකාවන්ගෙන් පිරී යන්නේ ය.


මම මාගේ සෙනඟ කැඳවා ඔවුන් එක්රැස් කරන්නෙමි. මම ඔවුන් ගළවා ඔවුන්ගේ සංබ්‍යාව පෙර මෙන් වැඩි කරන්නෙමි.


සමිඳුනි, අප ඔබ වෙත හරවාගත මැනව. අපේ පෙර වූ තේජස අපට යළි දුන මැනව.


මම ජුදාහි සෙනඟ බලවත් කර, ජෝසෙප්ගේ සෙනඟට ජය අත් කර දෙන්නෙමි. ඔවුන්ට අනුකම්පා කරන නිසා මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. ඔව්හු වනාහි, මා විසින් කිසි කලෙක ප්‍රතික්ෂේප නොකරන ලද සෙනඟක් මෙන් වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ය. ඔවුන්ගේ අයැදුම්වලට මම පිළිතුරු දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්