Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 29:1 - Sinhala New Revised Version 2018

1 අල්ලාගෙන යනු ලැබූ සෙසු නායකයන්ට ද පූජකයන්ට ද දිවැසිවරුන්ට ද නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙන් බබිලෝනියට හිරකරුවන් වශයෙන් ගෙනයනු ලැබූ සෙනඟට ද දිවැසිවර ජෙරමියා විසින් ලියා යවන ලද හසුන මෙය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 අල්ලාගෙන යනු ලැබූ සෙසු නායකයන්ට ද පූජකයන්ට ද දිවැසිවරුන්ට ද නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙන් බබිලෝනියට හිරකරුවන් වශයෙන් ගෙනයනු ලැබූ සෙනඟට ද දිවැසිවර ජෙරමියා විසින් ලියා යවන ලද හසුන මෙය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 යෙකොනියා රජුද මවු බිසවද නපුංසකයන්ද යූදා සහ යෙරුසලමේ අධිපතීන්ද කර්මාන්තකාරයන්ද ආචාරීන්ද යෙරුසලමෙන් ගියායින් පසු,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 29:1
16 හුවමාරු යොමු  

සහෝදරවරුනි, මේ අවවාදාත්මක පණිවුඩය ඉවසිල්ලෙන් අසන මෙන් ඉල්ලමි. මා මෙය ලියා ඇත්තේ ලුහුඬින් ය.


ඔවුන් අත මෙසේ ලියා යවන ලදී: “අපෝස්තුළුවරු ද සහෝදර සභා මූලිකයෝ ද වන අපි අන්තියෝකියෙහිත් සිරියාවෙහිත් සිලිසියාවෙහිත් වසන විජාතී වූ සහෝදරයන් වෙත සුබ පතමින් මෙසේ ලියා එවමු:


මාගේ ලිපිය නිසා ඔබට සිත් වේදනාවක් ඇති වූ නමුත් ඒ ගැන කණගාටු නොවෙමි. ඒ ලිපිය නිසා ටික කලකට පමණක් සිත් වේදනාවක් ඔබට ඇති වූ බව මම දනිමි.


ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද බබිලෝනියට ගෙනයනු ලැබූ සියලු ම ජුදෙව්වරුන් ද මම නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. බබිලෝනියේ රජුගේ බලය මම සිඳදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


කොපමණ ලොකු අකුරුවලින් මාගේ ම අතින් ඔබට ලියා ඇද්ද කියා බලන්න.


එවිට ජුදාහි රජ වූ ජෙහෝයාකින් ද ඔහුගේ මෑණියෝ ද රාජ සේවකයෝ ද අධිපතියෝ ද ඇමතියෝ ද නුවරින් පිටත සිටි බබිලෝනියේ රජුට යටත් වූ හ. බබිලෝනියේ රජ තෙමේ තමා රජකමට පත් වී අට වන අවුරුද්දේ දී ඒ නගරය අල්ලාගත්තේ ය.


ඊළඟ අවුරුද්දේ දී නෙබුකද්නෙශර් රජ ඔහු සහ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදර වූ ශෙදෙකියා ජුදා සහ ජෙරුසලමෙහි රජ කොට පත් කෙළේ ය.


ඒ කී ලෙස හනනියා එම අවුරුද්දේ සත් වන මාසයේ දී මළේ ය.


ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා අතරෙහි සිටින නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද නොරැවටෙන්න; ඔවුන් දකින සිහින ගණනකට නොගන්න.


එබැවින්, මා විසින් ජෙරුසලමෙන් බබිලෝනියට පලවා හරිනු ලැබූ විප්‍රවාසීන් සියල්ලෙනි, නුඹලාගේ සමිඳාණන් වහන්සේ වන මාගේ වචනයට සවන් දෙන්න.’


ජෙරමියා සෙරායාට කතා කරමින්, “ඔබ බබිලෝනියට පැමිණි විට මේ සියලු වචන සෙනඟට ඇසෙන ලෙස කියවන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්