Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 28:11 - Sinhala New Revised Version 2018

11 මුළු සෙනඟ ඉදිරියේ හනනියා කතා කොට, “බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ජාතීන්ගේ ගෙල මත තබා ඇති වියගහ අවුරුදු දෙකක් ඇතුළත දී සමිඳාණන් වහන්සේ කඩාදමන්නේ මෙසේ ය”යි කී ය. ජෙරමියා එතැනින් යන්නට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මුළු සෙනඟ ඉදිරියේ හනනියා කතා කොට, “බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ජාතීන්ගේ ගෙල මත තබා ඇති වියගහ අවුරුදු දෙකක් ඇතුළත දී සමිඳාණන් වහන්සේ කඩාදමන්නේ මෙසේ ය”යි කී ය. ජෙරමියා එතැනින් යන්නට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 හනනියාද මුළු සෙනඟ ඉදිරියෙහි කථාකොට: සම්පූර්ණ අවුරුදු දෙකක් ඇතුළතදී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ වියගහ සියලු ජාතීන්ගේ බෙල්ලෙන් මෙසේ බිඳදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. අනාගතවක්තෘවූ යෙරෙමියාද යන්ට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 28:11
13 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “දිවැසිවරු මාගේ නාමයෙන් බොරු දිවැස් වැකි කියති. මා ඔවුන් එව්වේ වත්, ඔවුන්ට අණ කෙළේ වත්, ඔවුන්ට කතා කෙළේ වත් නැත. ඔවුන් ප්‍රකාශ කරන්නේ බොරු දර්ශන ය. වැඩකට නැති පේන කීම් ය; සිතින් මවාගත් වංචනික දේ ය.


අඥානයා කෙරෙන් ඈත් වන්න; ඔහුට කලඳක් වත් දැනුම නැති බව ඔබට පෙනේ.


මන්ද, ඔව්හු මාගේ නාමයෙන් නුඹලාට බොරු දිවැස් වැකි පවසති. මම ඔවුන් නොඑව්වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’


මාගේ වචනය හෙළා දකින අයට ඔව්හු, ‘නුඹලාට ශුභසිද්ධ වේ වා!’යි කියති. මුරණ්ඩු සිතින් සිය කැමැත්ත අනුව යන අයට ඔව්හු, ‘නුඹලාට කිසි විපතක් නොවේ ය’යි කියති.


කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ ‘නුඹ සිරියන්වරුන් විනාශ වන තුරු මේවායින් ඔවුන්ට අනින්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.


එවිට ඉශ්රායෙල් රජ දිවැසිවරුන් වන හාරසියයක් පමණ මිනිසුන් රැස් කොට, “මම රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යම් ද නොයම් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු කතා කොට, “ගිය මැනව, මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ‍ ය.


එවිට ඔහු, “මමත් ඔබ මෙන් ම දිවැසිවරයෙක්මි, දේව දූතයෙක් සමිඳාණන් වහන්සේගේ වචනයෙන් මට කතා කොට, ‘ඔහු කෑම කන පිණිසත්, වතුර බොන පිණිසත් ඔබේ ගෙදරට කැඳවාගෙන එන්න’ කියා දැන්වී ය”යි පැවසී ය. ඔහු ඒ තැනැත්තාට මෙසේ කීවේ බොරුවකි.


මා කතා නොකළ නමුත්, සමිඳාණන් වහන්සේ වදාරන සේකැ යි නුඹලා කියන විට නුඹලා දුටුවේ නිෂ්ඵල දර්ශනයක් නොවේ ද? පැවසුවේ බොරු පේන කීමක් නොවේ ද?


තවද, ජෙරමියා හනනියාට මෙසේ කීවේ ය: “හනනියා, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ එවා වදාළේ නැත. මිථ්‍යා මතයන් කෙරෙහි විශ්වාසය තබන්නට ඔබ මේ සෙනඟට සැලැසුවෙහි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්