Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 27:9 - Sinhala New Revised Version 2018

9 එබැවින්, ‘නුඹලා බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ’යි කියන නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද සිහින දකින්නන්ට ද මායම්කාරයන්ට ද අනවිනකාරයන්ට ද සවන් නොදෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එබැවින්, ‘නුඹලා බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ’යි කියන නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද සිහින දකින්නන්ට ද මායම්කාරයන්ට ද අනවිනකාරයන්ට ද සවන් නොදෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එබැවින්: නුඹලා බබිලෝනියේ රජුට සේවයකරන්නේ නැතැයි නුඹලාට කියන නුඹලාගේ අනාගතවක්තෘවරුන්ටද නුඹලාගේ පේනකියන්නන්ටද නුඹලාගේ ස්වප්නවලටද නුඹලාගේ මායම්කාරයන්ටද නුඹලාගේ මන්ත්‍රකාරයන්ටද ඇහුම්කන්නොදෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 27:9
26 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “දිවැසිවරු මාගේ නාමයෙන් බොරු දිවැස් වැකි කියති. මා ඔවුන් එව්වේ වත්, ඔවුන්ට අණ කෙළේ වත්, ඔවුන්ට කතා කෙළේ වත් නැත. ඔවුන් ප්‍රකාශ කරන්නේ බොරු දර්ශන ය. වැඩකට නැති පේන කීම් ය; සිතින් මවාගත් වංචනික දේ ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”


ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා අතරෙහි සිටින නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද නොරැවටෙන්න; ඔවුන් දකින සිහින ගණනකට නොගන්න.


පල්හෑලි දොඩන, තොල් මතුරන අනවිනකාරයන්ගෙන් ද දෛවඥයන්ගෙන් ද ශාස්ත්‍ර අසන්න කියා සෙනඟ නුඹලාට කියනු ඇත. “ජීවතුන් උදෙසා මළවුන්ගෙන් ද දෙවි දේවතාවන්ගෙන් ද විචාරන්න යුතු ය”යි ඔවුන් කියනු ඇත.


එහෙත් නුවරින් පිටත සිටින්නෝ නම් බල්ලෝ ද අනවින කරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද මිනී මරන්නෝ ද රූප වඳින්නෝ ද මුසාවට ප්‍රිය කොට එය භාවිත කරන්නෝ ද යන මොවුහු ය.


එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.


පහනක එළිය තී තුළ තවත් නොබැබළෙයි. මනාලයාගේත් මනාලියගේත් හඬ තී තුළ තවත් නොඇසේ. තීගේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝ ව සිටියෝ ය. තීගේ අනවිනවලින් සියලු ජාතීහු මුළා කරනු ලැබුවෝ ය.


ඔවුන්ගේ මිනී මැරීම ද අනවින ද සල්ළාලකම් ද සොරකම් ද ගැන ඔව්හු පසුතැවී සිත් හරවා නොගත් හ.


ඔවුන් ඔහුට එසේ සවන් දුන්නේ ඔහුගේ අනවිනවලින් කාලයක් තිස්සේ ඔහු ඔවුන් මවිත කළ නිසා ය.


බොරු දිවැසිවරයා ලජ්ජාවෙන් ද පේන කියන්නා වියවුලෙන් ද මුහුණ වසාගත්තේ ය; ඔවුන් බලාපොරොත්තු වන පිළිතුර දෙවියන් වහන්සේගෙන් නොලැබෙන නිසා ඔව්හු කටවල් වසාගන්නෝ ය.


ස්වාමීන් වන මා වදාරන දේට සවන් දෙන්න. බොරු සිහින දිවැස් කීම් වශයෙන් ප්‍රකාශ කරමින්, තමන්ගේ බොරුවලින් ද හිස් පාරට්ටුවෙන් ද මාගේ සෙනඟ මුළා කරන දිවැසිවරුන්ට මම විරුද්ධ වෙමි. මම ඔවුන් නොයැව්වෙමි. ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


‘මම සිහිනයක් දිටිමි, සිහිනයක් දිටිමි’ කියමින් මාගේ නාමයෙන් බොරුවට දිවැස් වැකි කියන දිවැසිවරුන්ගේ කියුම් මා අසා ඇත.


“සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ සෙනඟට මෙසේ වදාරන සේක: දිවැසිවරුන් බොරු බලාපොරොත්තුවලින් නුඹලා පුරවා ඇති නිසා ඔවුන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන්නේ, තමන්ගේ සිතෙන් මවාගත් දේ මිස මා ඔවුන්ට කී දේ නොවේ.


ඉශ්රායෙල් සෙනඟ විසින් කඩුවෙන් මරන ලද්දවුන් අතරේ බෙයෝර්ගේ පුත් බාලාම් නම් පේන කියන්නා ද විය.


එවිට මෝසෙස් මෙසේ කීවේ ය: “ඔබ පලවා හරින්න යන මේ ජාතීහු නැකත් බලන්නන්ට ද පේන කියන්නන්ට ද සවන් දුන්හ. එහෙත් ඔබට නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එවැනි දේවලට ඉඩ නොදෙන සේක.


එවිට පාරාවෝ, ශාස්ත්‍රවන්තයන් හා අනවිනකාරයන් කැඳවී ය. මිසරයේ ඒ ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම්වලින් එලෙස ම කළහ.


පිළිම අයැදීමෙන් මිනිසුන්ට නිසරු බොරු පිළිතුරු ලැබෙන නිසා ද පේන කියන්නන් මිනිසුන් නොමඟ යවන නිසා ද ස්වප්න දකින්නන් හිස් සැනසිල්ලක් ගෙන දෙන නිසා ද සෙනඟ බැටළුවන් මෙන් ඉබාගාතේ ඇවිදිති. එඬේරෙකු නැති නිසා ම ඔව්හු දුකට පත් වී සිටිති.


පුහු තර්කවලින් ඔබ රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මන්ද, අකීකරුවූවන් පිට දේව උදහස පැමිණෙන්නේ මේ කාරණා නිසා ම ය.


“කොඩිවිනකාර ස්ත්‍රියකට ජීවත් වීමට ඉඩ නොදිය යුතු ය.


අවවාදයට සවන් නොදෙන පුතා, ප්‍රඥාවේ වචනයට පිටුපා යනු නියත ය.


නුඹලා දකින දර්ශන බොරු ය; නුඹලා පවසන දිවැස් වැකි මුසාවකි; නුඹලා නපුරු ය; දුෂ්ට ය. නුඹලාට නියම දිනය පැමිණෙන්නේ ය. එනම්, අන්තිම දඬුවම් දීමේ දවස පැමිණෙන්නේ ය.


ඔහු කී අයුරින් ඒ හාස්කම් හෝ අරුමපුදුම දේ හෝ සිදු වී ඔබ නොහඳුනන අන් දෙවිදේවතාවන් පසුපස ගොස්, ‘අපි ඔවුන්ට වැඳුම්පිදුම් කරමු’යි කීවොත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්