Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 26:22 - Sinhala New Revised Version 2018

22 එහෙත්, ජෙහෝයාකිම් රජ අක්බොර්ගේ පුත් එල්නාතාන් ද ඔහු සමඟ තවත් මිනිසුන් ද මිසරයට යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එහෙත්, ජෙහෝයාකිම් රජ අක්බොර්ගේ පුත් එල්නාතාන් ද ඔහු සමඟ තවත් මිනිසුන් ද මිසරයට යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 නුමුත් යෙහෝයාකීම් රජ අක්බොර්ගේ පුත්‍රවූ එල්නාතාන්ද ඔහු සමඟ තවත් මනුෂ්‍යයන්ද මිසරයට යැවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 26:22
10 හුවමාරු යොමු  

ඔහු ලේකම්ගේ ඇතුළු ගෙට බැස රජ ගෙදරට ගියේ ය. එහි සියලු අධිපතියන් වන එලිෂාමා ලේකම් ද ෂෙමායාගේ පුත් දෙලායා ද අක්බෝර්ගේ පුත් එල්නාතාන් ද ෂාපාන්ගේ පුත් ගෙමරියා ද හනනියාගේ පුත් ශෙදෙකියා ද අනික් සියලු අධිපතියෝ ද වාඩි වී සිටියහ.


එවිට පූජක හිල්කියා ද අහිකාම් ද අක්බොර් ද ෂාපාන් ද අසායා ද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත් වස්ත්‍ර භාරකාරයා වන ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා නම් දිවැසිවරිය ළඟට ගොස් ඈට කතා කෙළේ ය. ඈ ජෙරුසලමේ තම නගරයෙහි වාසය කළා ය.


පූජක හිල්කියාටත්, ෂාපාන්ගේ පුත් අහිකාම්ටත්, මීකායාගේ පුත් අක්බොර්ටත්, ලේකම් වන ෂාපාන්ටත්, රජුගේ සේවකයා වන අසායාටත් අණ කොට,


තවද, එල්නාතන් ද දෙලායා ද ගෙමරියා ද පොත නොදවන ලෙස රජුගෙන් ඉල්ලා සිටියෝ ය. එහෙත්, ඔහු ඔවුන්ට සවන් නුදුන්නේ ය.


පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ බවට පත් වෙති.


පවිටු දනෝ ඔබමොබ යති. රට සැම දෙස දුසිරිත වැජඹෙයි.


ෂාවුල් මළ පසු, ඔහු වෙනුවට අක්බොර්ගේ පුත් බාල්-හනන් රජකම් කෙළේ ය.


මේ හසුන ජුදාහි රජු වූ ශෙදෙකියා, ෂාපාන්ගේ පුත් එලාසා සහ හිල්කියාගේ පුත් ගෙමරියා අතින් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් වෙත යවන ලදී. එහි මෙසේ ලියා තිබිණි:


ජෙරමියා රැකවල් මළුවෙන් ගෙන්වාගෙන ඔහු ගෙදරට ගෙන යන පිණිස ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර කළෝ ය. ජෙරමියා සෙනඟ අතරේ වාසය කෙළේ ය.


ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන්ගෙන් සැත්තෑදෙනෙකු ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත් ජාසනීයා ද සිටිනු දිටිමි. ඔව්හු තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇති ව සිටියෝ ය. සුවඳ දුම් ඉහළට නැංඟේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්