Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 2:8 - Sinhala New Revised Version 2018

8 පූජකයෝ, ‘සමිඳාණන් වහන්සේ කොහි දැ’යි කිසි විටක නොඇසූ හ. ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතුවල යෙදී සිටින්නෝ මා නොහැඳින සිටියෝ ය. පාලකයෝ ද මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. දිවැසිවරු බාල්ගේ නමින් කතා කරමින් වැඩක් නැති දේව රූපවලට නමස්කාර කළහ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 පූජකයෝ, ‘සමිඳාණන් වහන්සේ කොහි දැ’යි කිසි විටක නොඇසූ හ. ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතුවල යෙදී සිටින්නෝ මා නොහැඳින සිටියෝ ය. පාලකයෝ ද මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. දිවැසිවරු බාල්ගේ නමින් කතා කරමින් වැඩක් නැති දේව රූපවලට නමස්කාර කළහ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 පූජකයෝ: ස්වාමීන්වහන්සේ කොයිදැයි නෑසුවෝය. ව්‍යවස්ථාවේ යෙදී සිටින්නෝ මා නෑඳින සිටියෝය. පාලකයෝද මට විරුද්ධව කැරළිගැසුවෝය, ප්‍රොපේතවරුද බාල්ගේ නමින් අනාගතවාක්‍ය කියා ප්‍රයෝජන නොවන දේවල් අනුව ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 2:8
35 හුවමාරු යොමු  

පිළිමයකින් ඇති ප්‍රයෝජනය කුමක් ද? එය මිනිසා විසින් සාදන ලද්දකි. එයට සත්‍යය පවසන්නට බැරි ය. එය වාත්තු පිළිමයක් පමණකි. එය කෙරෙහි විශ්වාසය තැබීමෙන් එය තැනූ තැනැත්තාට වන යහපත කුමක් ද?


ජෙරමියා පිළිතුරු දෙමින් මෙසේ කී ය: “ඔබේ නායකයෝ මෝඩයෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගෙන් කරුණු නොවිමසති. ඔවුන් දියුණු නොවුණේ එබැවිනි. ඔවුන්ගේ බාරයේ සිටි සෙනඟ ද විසිර ගොස් ඇත.


දිවැසිවරු සත්‍යය කතා නොකරති; පූජකයෝ සිය මතයෙන් ආණ්ඩු කරති; මාගේ සෙනඟ මේවාට ප්‍රිය කරති. එහෙත්, මේ සියල්ල අවසානයේ දී ඔව්හු කුමක් කරත් ද?”


ලජ්ජා සහිත රහසිගත ක්‍රියා අපි අත් හළෙමු; කපටි කමින් අපි ජීවත් නොවෙමු; දෙවියන් වහන්සේගේ වචනය වෙනස් නොකර, අපි සත්‍යය එළිදරව් කරමු. එසේ කරමින්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදය සාක්ෂියට අපි අප ම රෙකමදාරු කරගනිමු.


ඔවුන් මේ දේවල් කරන්නේ, ඔවුන් පියාණන් වහන්සේ ද මා ද නොහඳුනන බැවිනි.


මා ගැන දැනුමක් නැති බැවින් මාගේ සෙනඟ විනාශ වී යති. මා ගැන දැනුම ද දේවාඥා ද ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් මට පූජකයන් මෙන් සේවය කිරීමෙහි ලා නුඹලා ද නුඹලාගේ දරුවන් ද මම ප්‍රතික්ෂේප කරමි.


ඔබ උන් වහන්සේ නොහඳුනන්නහු ය. එහෙත් මම උන් වහන්සේ හඳුනමි. මම උන් වහන්සේ නොහඳුනමි යි කීවොත්, මමත් ඔබ හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. එහෙත් මම උන් වහන්සේ හඳුනමි; උන් වහන්සේගේ වචනය ද පිළිපදිමි.


විනයධරයෙනි, ඔබට වන විපතක මහත! විද්‍යාවේ යතුරු ඔබ ගෙන ගියාහු ය; එහෙත් ඔබ ම ඇතුළු නොවූවහු ය; ඇතුළු වන්නන් ද වළක්වාලූවහු ය.”


යමෙකු මුළු ලෝකය ම ලබාගත්තත්, සිය දිවි නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද? නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකි ද?


සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, “අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ.


එඬේරු බොහෝ දෙනෙක් මාගේ මිදි වත්ත නාස්ති කළෝ ය; මාගේ කෙත් පාගාදැමුවෝ ය; මාගේ ප්‍රියංකර දේශය පාළුකරයක් කළෝ ය.


“බලන්න, නුඹලා වැඩකට නැති රැවටිලි වචන විශ්වාස කර ඇත.


සමිඳාණන් වහන්සේ කතා කොට, “මාගේ සෙනඟ අඥාන ය; ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවන් වැනි ය; ඔවුන්ට කිසි තේරුමක් නැත; නපුරු දේ කිරීමට ඔව්හු දක්ෂ ය, එහෙත්, යහපත කිරීමට ඔව්හු නොදනිති”යි වදාළ සේක.


කිසි ජාතියක් සිය දෙවිවරුන්, ඇත්තට ම දෙවිවරුන් නොවෙතත් ඒ දෙවිවරුන් වෙනස් කරගෙන ඇද් ද? එහෙත්, මාගේ සෙනඟ ඔවුන්ගේ මහිමාන්විතයාණන් නිසරු දේවලට මාරු කරගෙන ඇත.


‘මිසරයේ වහල්කමින් අප මුදා, වළවල් ගහණ වූ, නියඟ හා ගන’ඳුර ඇති, කිසිවෙකු ගමන්බිමන් නොයන, මිනිසුන් නොගැවසෙන දේශයක් වන, පාළුකරය මැදින් ගෙන ගිය සමිඳාණන් වහන්සේ කොහි දැ’යි ඔව්හු නොඇසූ හ.


එහෙත්, ජුදාවේ සෙනඟ විශ්වාස කළ නොහැකි පිහිට උපකාර බලාපොරොත්තු වූ නමුත්, එය දීමට නොහැකි ජාතියක් කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔව්හු ශෝකයට හා විපතට පත් වන්නෝ ය.”


සමිඳුන් ඔබ තද නින්දට වැටෙන ලෙස ඔබ කෙරෙහි නිදිබර ගතිය ඇතිකර තිබේ. දිවැසිවරුන් සෙනඟගේ දෙනෙත් මෙන්, විය යුතු නමුත්, දෙවිඳුන් ඔවුන්ගේ ඇස් බැඳ ඇත. බොරු දිවැසිවරුන්ගේ මොළය අවුල්කර ඇත.


දිවැසිවරුන් හා පූජකයෝ පවා කෙළින් සිටින්න බැරි තරම් වෙරිමත් වී වැනෙති. ඔවුන් මුද්‍රික පානය හා සුරා පානය කොතරම් බී ඇද්දැ යි කීවොත්, ඔව්හු වියවුල් වී පැකිළෙන්නෝ ය. දෙවිඳුන් එවන දර්ශන තේරුම්ගන්න නොහැකි තරමට දිවැසිවරු වෙරි වී සිටිති. පූජකයන් වෙත ගෙනෙන නඩු විභාග කිරීමට නොහැකි තරමට පූජකයෝ වෙරි වී සිටිති.


එලියා ඔවුන්ට කතා කොට, “බාල්ගේ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුට වත් ගැළවී යන්න නොදී ඔවුන් අල්ලාගන්නැ”යි කී ය. ඔවුන් අල්ලාගත් පසු, එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙන ගොස් එහි දී ඔවුන් මැරී ය.


මද්දහන පසු වී සවස යාගය ඔප්පු කරන වේලාව දක්වා ඔව්හු ඔල්මාදයෙන් දොඩවමින් බෙරිහන් දුන්හ. එහෙත්, කිසි හඬක් වත් උත්තර දුන් කිසිවෙක් වත්, සැලකූ කෙනෙක් වත් නො වූ හ.


එවිට එලියා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙකු ව, ඉතිරි ව සිටින්නේ මම පමණකි. එහෙත්, බාල් දේවතාවාගේ දිවැසිවරු හාරසිය පනස්දෙනෙක් සිටිති.


බොරු දෙවිවරුන් අනුව නොයන්න. ඔවුන් බොරු දෙවිවරුන් වන බැවින්, ඔබට පිහිටවන්නට වත්, ඔබ ගළවන්නට වත් ඔවුන්ට නොහැකි ය.


ඒලීගේ පුත්‍රයෝ දුර්ජනයෝ වූ හ. ඔවුන් සමිඳාණන් වහන්සේ ගැන කිසිත් සැලකුවේ නැත.


ඔව්හු ජාකොබ්ගේ පෙළපතට නියෝග ද, ඉශ්රායෙල් ජනතාවට ව්‍යවස්ථාව ද උගන්වති; ඔබ අබියස සුවඳ දුම් අල්ලති; පුදසුන් මත දවන යාග පුදති.


ඒ අනුව නොහැසිර මුරණ්ඩුකමින් තමන්ගේ හිතුමතය අනුව ගමන් කළ නිසාත්, ඔවුන්ගේ පියවරුන් ඔවුන්ට ඉගැන්වූ ලෙස බාල් දෙවියන් පසුපස්සේ ගිය නිසාත් ය.


එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ.


ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩ කොට මාගේ ශුද්ධ දේ කෙලෙසූ හ. ඔවුන් කැප දේ ද අකැප දේ ද අතරේ වෙනසක් කෙළේ වත්, අපවිත්‍ර දේ ද පවිත්‍ර දේ ද අතරේ තිබෙන වෙනස දැන්නුවේ වත් නැත; මාගේ සබත් දවස් ඔව්හු නොසලකා හැරියෝ ය. මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමිණියේ ය.


“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ එඬේරුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න. දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට එනම්, එඬේරුන්ට කියන්න. තමන් ම පෝෂණය කරගන්න ඉශ්රායෙල් එඬේරුනි, නුඹලාට වන විපතක මහත! නුඹලා බැටළුවන් පෝෂණය කළ යුතු නොවන්නහු ද?


එහෙත්, වනයේ මෘගයන්ට වඩා අපට දැනුම දෙන, අහසේ පක්ෂීන්ට වඩා අපට නැණ නුවණ දෙන, අඳුරේ දී අපට සවිය දෙන මැවුම්කාර දෙවි උතුමාණෝ කොතැන්හි දැ යි අසන කිසිවෙක් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්