Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 15:15 - Sinhala New Revised Version 2018

15 එවිට ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “සමිඳුනි, ඔබ සියල්ල දන්න සේක, මා සිහි කොට, මා දෙස බලා මට පීඩා කරන්නන්ගෙන් මා වෙනුවෙන් පළිගත මැනව. ඔවුන් කෙරේ ඇති ඔබේ ඉවසිලිවන්තකම නිසා මා තුරන් නොකළ මැනව. ඔබ නිසා මා නින්දාව ඉසිලූ බව සිහි කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එවිට ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “සමිඳුනි, ඔබ සියල්ල දන්න සේක, මා සිහි කොට, මා දෙස බලා මට පීඩා කරන්නන්ගෙන් මා වෙනුවෙන් පළිගත මැනව. ඔවුන් කෙරේ ඇති ඔබේ ඉවසිලිවන්තකම නිසා මා තුරන් නොකළ මැනව. ඔබ නිසා මා නින්දාව ඉසිලූ බව සිහි කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ස්වාමීන්වහන්ස, ඔබම දන්නාසේක. මා සිහිකොට, මා දෙස බලා, මාගේ පීඩාකාරයන්ගෙන් මා ගැන පළිගත මැනව; [ඔවුන් කෙරෙහි ඇති] ඔබගේ ඉවසිලිවන්තකම නිසා, මා තුරන් නොකළ මැනව, මා ඔබ නිසා නින්දාව ඉසිලූ බව සිහිකළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 15:15
42 හුවමාරු යොමු  

එහෙත් සමිඳුනි, ඔබ මා දන්න සේක; ඔබ මා දකින සේක. ඔබට ඇති මාගේ ලැදිකම ද ඔබ විමසන සේක. මරණයට නියමිත බැටළුවන් මෙන් මේ සෙනඟ වෙන් කර, ඝාතන දවසට ඔවුන් සූදානම් කළ මැනව.


මාගේ නාමය නිසා සියල්ලෝ ම ඔබට වෛර කරන්නෝ ය.


සව් බලැති සමිඳුනි, සැදැහැවතුන් පිරික්සන, මාගේ සතුරන්ගේ සිත හද විනිවිද දකින ඔබ තුමාණන් මාගේ සතුරන්ගෙන් පළිගනු දැකීමට මට වර දුන මැනව. මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි.


එහෙත් සමිඳුනි, ඔබ දන්න පරිදි ඔවුන් පිට විනාශය පමුණුවන්නට වත්, නපුරු කාලයක් ඔවුන්ට ගෙනදෙන්නට වත් මම ඔබෙන් නොඉල්ලුවෙමි. මා මුවින් නික්මුණු වචන ඔබ දන්න සේක.


තවද, සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදු වී අවුත්, දොරටු රැකවල් කරන ලෙස මම ලෙවීවරුන්ට අණ කෙළෙමි. “මාගේ දෙවියන් වහන්ස, මේ නිසාත් මා සිහි කර ඔබේ ඉමහත් කරුණාව පරිද්දෙන් මට දයා වී වදාළ මැනව.”


මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනු ඇත. එහෙත්, අන්තිම දක්වා ස්ථීර ව සිටින්නා ගැළවෙන්නේ ය.


මා කතා කරන සෑම විට ම මොරගසමින්, ‘සැහැසිකම’, ‘විනාශය’ කියා මම කියමි. ඔබ තුමාණන්ගේ වචනය දවස පුරා ප්‍රකාශ කිරීම මා නින්දාවටත්, සරදමටත් හේතුව වී තිබේ.


ඔබේ මෙහෙකරුවා තව කොතෙක් කල් බලා සිටින්න ද? මට පීඩා කරන්නන්ට ඔබ කවදා යුක්තිය ඉටු කරන සේක් ද?


සමිඳුනි, ඔබේ සෙනඟට කරුණාව දක්වන විට මා සිහි කළ මැනව; ඔවුන් ගළවන විට මට උපකාර කළ මැනව.


“මාගේ දෙවියන් වහන්ස, මේ සෙනඟ උදෙසා මා කළ සියල්ල මාගේ යහපත පිණිස සිහි කළ මැනව.”


ස්වර්ගයෙනි, සැදැහැවතුනි, අපෝස්තුළුවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.


ඔව්හු කතා කරමින්, “ස්වාමීනි, ශුද්ධ වූ සත්‍ය වූ තැනැන් වහන්ස, ඔබ පොළොවෙහි වාසය කරන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළි නොගෙන කොපමණ කල් ප්‍රමාද වන සේක් දැ”යි මහ හඬින් මොරගසා කී හ.


තඹකරු ඇලෙක්සැන්දර් මට බොහෝ නපුරුකම් පෑවේ ය. සමිඳාණන් වහන්සේ ඔහු කළ දෙයට නිසි විපාක දෙන සේක.


සමිඳාණන් වහන්සේ කෙරෙහි බිය වීම කුමක් දැ යි අප දන්නා බැවින් මිනිසුන්ට කරුණු පහදා දීමට අපි උත්සාහ කරමු. දෙවියන් වහන්සේට අපේ නියම ස්වභාවය පැහැදිලි ව පෙනේ. එලෙස ම ඔබටත් පෙනෙනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.


මිත්‍රවරුනි, පළි ගැනීමෙන් තොර ව, දේව උදහස ක්‍රියා කිරීමට ඉඩ හරින්න. මන්ද: “ ‘පළිගැනීම මා සතු ය, මම විපාක දෙමි’යි සමිඳාණන් වහන්සේ පවසන සේකැ”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත.


ඇරත් මාගේ නාමය නිසා, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ පියා හෝ මව හෝ දූ පුතුන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද, ඔහු ඒ වෙනුවට සිය ගුණයක් ලබන්නේ ය; සදාතන ජීවනය ද හිමි කරගන්නේ ය.


අහෝ මාගේ මෑණියෙනි! මුළු දේශය සමඟ තරඟ ද විවාද ද කරන මිනිසෙකු වීමට ඔබ මා වැදූ නිසා මට සිදු වී ඇති විපතක මහත! මා කිසිවෙකුට ණයට දුන්නේ වත්, කිසිවෙකුගෙන් ණයට ගත්තේ වත් නැත. එහෙත්, සියල්ලෝ ම මට සාප කරති.


“අහෝ සමිඳාණන් වහන්ස! මා විශ්වාසී ලෙසත්, අවංක සිතකිනුත් ඔබට සේවයකර, ඔබේ ඇස් හමුවෙහි හරි ව තිබෙන දේ කළ බව සිහිකළ මැනව” කියා තදින් හැඬුවේ ය.


මම ද කතා කොට මෙසේ කීවෙමි: “අහෝ මාගේ දෙවිඳුනි! මා වයස්ගත වන්න පෙර මා පහ නොකළ මැනව. සමිඳුනි, ඔබ සදහට ම ජීවත් වන සේක.”


මා මෙලොවින් චුත වී, නැති වී යන්නට පෙර, මඳ කලකට ප්‍රීති වන පිණිස මට ඉඩ සැලසුව මැනව.


ඔබ මසිත උරගා බැලූ සේක; රාත්‍රියේ මා පරීක්ෂා කළ සේක; ඔබ මා විමසා බැලූ සේක; එහෙත්, කිසි නපුරක් නැති බව දුටු සේක.


තවද, නියම කාලවලට දර, පඬුරු හා ප්‍රථම පල ද ගෙන ඊම පිළිබඳ විධිවිධාන සැලැසුවෙමි. “මාගේ දෙවියන් වහන්ස, මාගේ යහපත පිණිස මා සිහි කළ මැනව.”


“මාගේ දෙවියන් වහන්ස, ටෝබියා ද සන්බලට් ද කළ මේ ක්‍රියා නිසා, ඔවුන් සහ දිවැසිවරිය වන නෝවදියා ද මා බිය ගන්වන්නට උත්සාහ කළ අනෙක් දිවැසිවරුන් ද අමතක නොකරන්න.”


ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් ඇද් ද? විපතට වත්, දුක් වේදනාවට වත්, පීඩාවට වත්, සාගින්නට වත්, දුගී බවට වත්, උවදුරට වත්, කඩුවට වත් අප වෙන් කළ හැකි ද?


සම්සොන් සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “අනේ, දෙවි සමිඳාණන් වහන්ස, මා සිහි කළ මැනව. අනේ සමිඳුනි, මාගේ ඇස් දෙක උගුලා දැමූ නිසා, පිලිස්තිවරුන්ගෙන් එක වරට ම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවැ”යි කීවේ ය.


දවස පුරා අපි ඔබ නිසා මරනු ලබමු; මැරීමට නියම බැටළුවන් මෙන් ගණන්ගනු ලබමු.


මම මේ සෙනඟට විරුද්ධ ව නුඹ බලවත් ලෝකඩ පවුරක් මෙන් කරන්නෙමි. ඔව්හු නුඹට විරුද්ධ ව යුද්ධ කරතත් නුඹෙන් ජය නොගනිති. මන්ද, නුඹ ගළවන්නත්, නිදහස් කරන්නත් මම නුඹ සමඟ සිටිමි.


එහෙත් සමිඳුනි, ඔබ තුමාණෝ මහා යුද වීරයෙකු සේ මා සමඟ සිටින සේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිළෙන්නෝ ය; ඔව්හු ජය නොගන්නෝ ය; ඔවුන්ට ජය ගැනීමට බැරි නිසා ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය. එය කවදාවත් අමතක නොවන සදාකාල අවනම්බුවක් වන්නේ ය.


එහෙත්, සමිඳුනි, මා මරන පිණිස මට විරුද්ධ ව ඔවුන් යොදන සියලු කුමන්ත්‍රණ ඔබ ම දන්න සේක. ඔවුන්ගේ දුෂ්ටකම් කමා නොකළ මැනව. ඔවුන්ගේ පාපය ද ඔබේ දර්ශනයෙන් නොමැකුව මැනව. ඔබ ඉදිරියෙහි ඔව්හු පැකිළ වැටෙත් වා! ඔබේ උදහසේ කාලයේ දී ඔවුන්ට ප්‍රතිවිපාක දුන මැනව.”


සමිඳුනි, ඔවුන්ගේ ක්‍රියා අනුව ඔබ ඔවුන්ට විපාක දුන මැනව.


ඔබ, උදහසින් ඔවුන් ලුහුබැඳ ගොස්, මිහි පිටින් ඔවුන් අතුගාදැමුව මැනව.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්