Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 90:15 - Sinhala New Revised Version 2018

15 අප පීඩා වින්ද සමය පමණට ද අප නපුරට ලක් වූ කාලය තරමට ද අපට සොම්නස් සමයක් දුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 අප පීඩා වින්ද සමය පමණට ද අප නපුරට ලක් වූ කාලය තරමට ද අපට සොම්නස් සමයක් දුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ඔබ අපට පීඩාකළ දවස් ගණන ලෙසද අප විසින් නපුර දුටු අවුරුදු ගණන ලෙසද අප සන්තෝෂකළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 90:15
11 හුවමාරු යොමු  

මන්ද, එතුමාණන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය. එතුමාණන්ගේ කරුණාව දිවි ඇති තාක් ය. රැයේ හැඬීම පවතියි; උදය ප්‍රීතිය උදා වෙයි.


ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී ගයන්නෝ ය: “සමිඳුනි, ඔබට මම ප්‍රශංසා කරමි. මා කෙරෙහි ඔබ උදහස් ව සිටි නමුත්, දැන් ඒ උදහස නිවී ගොස් ඇත. ඔබ මට සැනසීම දී ඇත.


සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක. ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ. එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය.


ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු සැනසීම ලබන්නෝ ය.


ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ හඬා වැලපෙන්නහු ය; එහෙත් ලෝකයා ප්‍රීති වන්නාහ. ඔබ දොම්නස් වන නමුත් ඔබේ දොම්නස සොම්නසට හැරෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්