Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 84:2 - Sinhala New Revised Version 2018

2 මසිත සමිඳුන්ගේ මන්දිර දෙස දැවෙන ආශාවෙන් බලා සිටියි. මාගේ ගත සිත ජීවමාන දෙවිඳුන්ට ප්‍රීතියෙන් ගී ගයයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 මසිත සමිඳුන්ගේ මන්දිර දෙස දැවෙන ආශාවෙන් බලා සිටියි. මාගේ ගත සිත ජීවමාන දෙවිඳුන්ට ප්‍රීතියෙන් ගී ගයයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ස්වාමීන්ගේ මන්දිර උදෙසා මාගේ ආත්මය මහත් ආශාවෙන් යුක්තව වෑරීයයි; මාගේ සිතත් මාගේ මාංසයත් ජීවමාන දෙවියන්වහන්සේට මොරගසති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 84:2
12 හුවමාරු යොමු  

අහෝ! එතුමන්ගේ නඩු ආසනය ළඟට පැමිණෙන්නත්, එතුමන් හමුවන්නත් මට පුළුවන්කමක් ඇත්නම්.


සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය.


මාගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි. මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි.


මාගේ දොහොත් මුදුන් දී ඔබෙන් අයැදිමි; මාගේ සිත වියළි බිමක් මෙන් ඔබ කෙරෙහි පිපාසිත වේ.


මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි; එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක.


ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා ඔබට හමු වුවොත්, මා ප්‍රේමාතුර ව සිටින බව ඔහුට දන්වන බවට මට දිවුරා කියන්න.


රාත්‍රියේ දී මාගේ මුළු සිතින් මම ඔබට ආසා කරමි. ඉතා ආශාවෙන් අලුයම් වේලේ මම ඔබ සොයන්නෙමි. ඔබ පොළොව සහ එහි සෙනඟ විනිශ්චය කරන කල යුක්තිය කුමක් දැ යි ඔව්හු දැනගන්නෝ ය.


ඔබ අහස පළාගෙන නොබසින්නේ මන් ද? එවිට කඳු ඔබ තුමාණන් දැක බියෙන් කම්පා වනු ඇත.


එම්බා ජාකොබ්! ඔබේ කූඩාරම් කෙතරම් මනහර ද? එම්බා ඉශ්රායෙල්! ඔබේ කඳවුරු කෙතරම් ශෝභන ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්