Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:6 - Sinhala New Revised Version 2018

6 මෙලෙස ඊළඟ පරපුර ඒවා දැනගන්නෝ ය; ඉපදෙන්නට සිටින දරු පරපුර ඒවා දැනගන්නෝ ය. ඔව්හු නැඟිට ඔවුන්ගේ පරපුරට ඒවා දන්වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 මෙලෙස ඊළඟ පරපුර ඒවා දැනගන්නෝ ය; ඉපදෙන්නට සිටින දරු පරපුර ඒවා දැනගන්නෝ ය. ඔව්හු නැඟිට ඔවුන්ගේ පරපුරට ඒවා දන්වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 මෙසේ කළේ එන්නාවූ පරම්පරාව, එනම් උපදින්ට සිටින දරුවන්, ඒවා දැනගෙන, නැගිට ස්වකීය දරුවන්ට කියාදෙන පිණිසත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:6
11 හුවමාරු යොමු  

මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස, මතු එන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේ වා!


ඔබේ දරුවන්ට ඒ ගැන කියන්න; ඔව්හු තමන්ගේ දරුවන්ටත් ඒ ගැන කියත් වා! ඔව්හු ද, මතු පරම්පරාවටත් ඒ ගැන කියා දෙත් වා!


පරපුරෙන් පරපුරට ජනතාවෝ ඔබේ ක්‍රියා වර්ණනා කරති; ඔබේ ප්‍රබල ක්‍රියා ගැන ප්‍රශංසා කරති.


ඔබේ ප්‍රබල ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ද ඔබේ තේජස අප පරපුරට ද දක්නට වරම් දුන මැනව.


“එතුමාණෝ මෙසේ කළ සේකැ”යි කියමින්, ඔව්හු මතු ඇති වන පරම්පරාවලට එතුමාණන්ගේ දැහැමි ක්‍රියා පවසනු ඇත.


අනේ දෙවිඳුනි! පැසුණු කෙස් සහිත ව මහලු වියේ සිටින මා අත්නෑරිය මැනව. ඔබේ මහිමය සහ ශක්තිය මතු පරම්පරාවලට කියා පාන තෙක් මා සමඟ සිටිය මැනව.


එහි කොටු පවුරු හොඳින් බලා ගණන් කරන්න; මාලිගා සෝදිසි කරන්න.


එසේ ඉගැන්විය යුතු කරුණු නම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අබිමුව හොරෙබ් කඳු මුදුනේ ඔබ සිටි දින ගැන ය. එදින උන් වහන්සේ මට කතා කොට, ‘සෙනඟ රැස් කරන්න. මාගේ වචන මම ඔවුන් හට ඇසෙන්නට සලස්වමි. එවිට ඔවුන් මිහි පිට දිවි ඇති තාක් මට ගරුබිය දැක්වීමට ඉගෙන ගනු ඇත. එසේ කිරීමට ඔවුන්ගේ දරුවන්ට ද උගන්වනු ඇතැ’යි වදාළ සේක.


ඇරත් මිසරයට මා සමච්චල් කළ සැටි ද ඔවුන් මැද මා සිදු කළ හාස්කම් ද නුඹ නුඹේ පුතුන්ටත්, පුතුන්ගේ පුතුන්ටත් කියන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා සැම දැනගන්නහු ය”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්