Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 78:18 - Sinhala New Revised Version 2018

18 ඕනෑකමින් ම ඔව්හු දෙවිඳුන්ට අභියෝග කළෝ ය; තමන් රිසි ආහාර ඉල්ලා ඔව්හු එසේ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඕනෑකමින් ම ඔව්හු දෙවිඳුන්ට අභියෝග කළෝ ය; තමන් රිසි ආහාර ඉල්ලා ඔව්හු එසේ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 තමුන්ගේ තෘෂ්ණාවලට කෑම ඉල්ලීමෙන් සිතින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:18
10 හුවමාරු යොමු  

එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය. මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය.


එවිට ඔව්හු මෝසෙස්ට අවලාද කියමින්, “අපට බොන්න වතුර දෙන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ මට අවලාද කියන්නේ ඇයි? ඔබ කුමක් නිසා සමිඳාණන් වහන්සේ පරීක්ෂා කරන්නහු දැ”යි ඇසී ය.


ඉශ්රායෙල් ජනයා අවලාද කී නිසාත්, ‘සමිඳාණන් වහන්සේ අප අතර ඇද් ද? නැද් ද?’ කියමින් ඔවුන් උන් වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඒ ස්ථානයට ඔහු මස්සා සහ මෙරිබා කියා නම් කෙළේ ය.


ඉශ්රායෙල් ජනයා අතර සිටි විදේශීහූ කෑම තණ්හාවට වසඟ වූ හ. ඉශ්රායෙල් ජනයා පවා හඬන්නට පටන්ගෙන, “අපට කෑමට මස් දෙන්නේ කවුරු ද?


ඔවුන් නපුරු දෙයට ඇලුම් කළාක් මෙන්, අපත් නපුරු දෙයට ඇලුම් නොකරන පිණිස, මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි.


ඔවුන්ගෙන් සමහරෙකු සමිඳාණන් වහන්සේ පරීක්ෂා කළාක් මෙන් අපි උන් වහන්සේ පරීක්ෂා නොකරමු. එසේ කිරීමෙන් ඔව්හු සර්පයන්ගෙන් විනාශ වූ හ.


“මස්සා නම් ස්ථානයේ දී ඔබ දෙවි සමිඳාණන් වහන්සේ පරීක්ෂා කළාක් මෙන් උන් වහන්සේ පරීක්ෂා නොකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්