Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 74:20 - Sinhala New Revised Version 2018

20 ඔබ අප සමඟ කළ ගිවිසුම සිහිකළ මැනව. මන්ද, රටේ සෑම අඳුරු මුල්ලක් ම සැහැසිකමින් පිරී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඔබ අප සමඟ කළ ගිවිසුම සිහිකළ මැනව. මන්ද, රටේ සෑම අඳුරු මුල්ලක් ම සැහැසිකමින් පිරී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ගිවිසුම සැලකුව මැනව. මක්නිසාද පොළොවේ අඳුරු තැන් බලාත්කාරයේ වාසස්ථානවලින් පිරී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 74:20
19 හුවමාරු යොමු  

සැබැවින් මාගේ වංශය දෙවිඳුන් ඉදිරියෙහි එසේ ම නො‍පවතින්නේ ද? මන්ද, සියල්ල නියම ලෙස ස්ථිර කර තිබෙන සදාකාල ගිවිසුමක් එතුමාණෝ මා සමඟ කළ සේක. මාගේ මුළු ගැළවීමත්, මට රිසි සියල්ලත් එතුමාණෝ සඵල වන්නට නො‍සලසන සේක් ද?


එතුමාණෝ පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.


ඔවුන් සමඟ කළ ගිවිසුම සිහි කළ සේක; තමන්ගේ මහා කරුණාව නිසා ඔවුන්ට අනුකම්පා කළ සේක.


සමිඳුනි, මට සතුරන් බොහෝ සිටින බැවින්, දැහැමි මඟ මා ගෙන ගිය මැනව; ගත යුතු මඟ මට පෙන්නුව මැනව.


මම ඔහුට සදහට ම ප්‍රේම කරන්නෙමි; ඔහු උදෙසා මාගේ ගිවිසුම ස්ථිර ව පවත්නේ ය.


ඔබේ සේවකයා සමඟ ඔබ කළ ගිවිසුම ඔබ කඩකළ සේක. ඔහුගේ කිරුළ බිම හෙළා කෙලෙසා දැමූ සේක.


ඔබේ නාමය නිසා අප ඉවත නොදැමුව මැනව. ඔබේ තේජසේ සිංහාසනය පිහිටි ජෙරුසලමට අගෞරව නොකළ මැනව. අප සමඟ තිබෙන ඔබේ ගිවිසුම සිහි කර එය කඩ නොකළ මැනව.


ඔබ නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට එලෙස නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේ වෛර කරන සෑම පිළිකුල් දෙයක් ම ඔවුන් තමන්ගේ දෙවිදේවතාවන් සම්බන්ධයෙන් කර ඇත. ඔව්හු තමන්ගේ දෙවිදේවතාවන් සඳහා ඔවුන්ගේ දරුදැරියන් පවා ගින්නේ පිළිස්සූ හ.


ඔබේ දාසයන් වන ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සිහි කළ මැනව. මේ සෙනඟගේ මුරණ්ඩුකම හෝ ඔවුන්ගේ දුෂ්ටකම හෝ පාප හෝ ඔබ නොසැලකුව මැනව.


ඒ දවස්වලට පසු මා විසින් ඉශ්රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ මනසෙහි සටහන් කර, ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු ද මාගේ සෙනඟ වන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්