Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 74:1 - Sinhala New Revised Version 2018

1 අහෝ දෙවිඳුනි! ඔබ සදහට ම අප අත්හරින්නේ මන් ද? ඔබේ තණ බිම්හි බැටළුවන්ට විරුද්ධ ව ඔබේ උදහස නඟින්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 අහෝ දෙවිඳුනි! ඔබ සදහට ම අප අත්හරින්නේ මන් ද? ඔබේ තණ බිම්හි බැටළුවන්ට විරුද්ධ ව ඔබේ උදහස නඟින්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 දෙවියන්වහන්ස, ඔබ සදාකාලයටම අප පහකළේ කුමටද? ඔබගේ ගොදුරු බිමේ බැටළුවන්ට විරුද්ධව ඔබගේ උදහසේ දුම නගින්නේ මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 74:1
30 හුවමාරු යොමු  

මම මාගේ උරුමයෙන් ඉතිරි කුඩා පිරිස අත්හැරදමා ඔවුන් තමන්ගේ සියලු සතුරන්ට ගොදුරක් ද කොල්ලයක් ද වන පිණිස ඔවුන්ගේ සතුරන් අතට පාවා දෙන්නෙමි.


සමිඳාණන් වහන්ස, ඔබ ඈත් වී සිටින්නේ මන් ද? විපත් සමයේ කුමට සැඟවී සිටින සේක් ද?


සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමාණෝ ය; අපි එතුමාණන්ගේ ය, එතුමාණන්ගේ සෙනඟ ය. එතුමාණන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.


එතුමාණන්ගේ නාස්පුඩුවලින් දුම් වලා නැඟිණි; මුවින් අග්නි ජාලා නික්ම සියල්ල දවා දැමී ය.


ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.


මා රක්නා දෙවිඳුන් හට මම මෙසේ කියමි: “ඔබ මා අමතක කෙළේ මන් ද? සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?”


එහෙත් දෙවියෙනි, දැන් ඔබ අප හැර දමා පරාජයට පමුණුවා ඇත. අපේ යුද හමුදා සමඟ ඔබ තවත් නොවඩින සේක.


සව් බලැති දෙවි සමිඳාණෝ ශ්‍රී මුඛය විවෘත කර පෙරදිග පටන් අපර දිග දක්වා මුළු ලොවට කතා කරන සේක.


අහෝ දෙවිඳුනි! ඔබ අප අත්හැර අප බලකොටු බිඳදැමූ සේක; ඔබ උදහස් වූ සේක. අප වෙත යළි වැඩිය මැනව.


අහෝ දෙවිඳුනි! ඔබ අප සමඟ කෝප වී සිටින සේක් ද? අප සේනාවන් සමඟ ඔබ නොවඩින සේක් ද?


“සමිඳාණෝ සදහට ම අප අත් හරින සේක් ද? එතුමාණෝ යළි අපට කරුණාව නොපෙන්වන සේක් ද?


එතුමාණන්ගේ තිර පෙම සහමුලින් ම පහ ව ගොස් තිබේ ද? එතුමාණෝ දුන් පොරොන්දුව සදහට ම ඉටු නොකරන සේක් ද?


මාගේ ජනයෙනි, මාගේ ඉගැන්වීමට කන් දුන මැනව. මා පවසන වදන්වලට සවන් දුන මැනව.


එවිට ඔබේ තණ බිමේ බැටළුවෝ ද ඔබේ සෙනඟ ද වන අපි සදහට ම ඔබට ස්තුති කරන්නෙමු. පරපුරෙන් පරපුරට අපි ඔබට පැසසුම් කරන්නෙමු.


අහෝ සමිඳුනි! ඔබ කොපමණ කල් කෝප වී සිටින සේක් ද? සදහට ම ද? ඔබේ උදහස කොපමණ කල් ගින්න මෙන් දැවෙන්නේ ද?


දුක් නමැති ආහාර ඔබ අපට කන්න දුන් සේක; අපට කඳුළින් පිරුණු බඳුනක් බොන්න දුන් සේක.


ඔබේ සෙනඟ ඔබ තුළ ප්‍රීති ප්‍රමෝද වන පිණිස ඔබ යළි අපට ජීවනය දුන මැනව.


එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමාණන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!


එහෙත්, මෝසෙස් තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමීනි, ඔබ මහත් බලය පාමින් ද ඔබේ බාහු බලයෙන් ද මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනඟට විරුද්ධ ව ඔබේ උදහස වේගවත් ලෙස අවුළන්නේ මන් ද?


එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය. අපි මැටි ය; ඔබ අපේ කුඹල්කාරයාණෝ ය. ඔබ අප නිර්මාණය කළ සේක.


“මාගේ තණ බිමේ පෝෂණය වන බැටළුවන් වනසා විසුරුවා හරින එඬේරුන් පිට සමිඳාණන් වහන්සේගෙන් පැමිණෙන විපතක මහත!


ඉහළ අහස මනින්නටත්, පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්නටත් යමෙකුට පුළුවන් නම් පමණක්, ඉශ්රායෙල් සෙනඟ කළ සියල්ල නිසා එතුමාණෝ ඔවුන් පහකරන සේක. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය.


ඔබ අප සහමුලින් පහ කරදැමූ සේක් ද? ඔබේ කෝපයට සීමාවක් නැද් ද?


“ ‘මාගේ බැටළුවන් වන, මා විසින් පෝෂණය කරනු ලබන නුඹලා වනාහි මනුෂ්‍යයෝ ය; මම නුඹලාගේ දෙවියන් වහන්සේ ය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”


දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ ජීවමාන නාමයෙන් මෙසේ දිවුරා කියමි: එඬේරෙකු නැති බැවින් මාගේ බැටළුවන් වන මෘගයන් විසින් ඩැහැගෙන යනු ලැබ උන්ට ගොදුරු වී ඇත; මාගේ එඬේරු මාගේ බැටළුවන් සොයන්න උත්සාහ නොකර, මාගේ බැටළුවන් පෝෂණය නොකර, තමන් ම පෝෂණය කරගත්හ.


“කුඩා රැළ, බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටින සේක.


සමිඳාණන් වහන්සේ ඔහුට කමා නොකරන සේක, උන් වහන්සේගේ උදහස ද කෝපය ද ඔහුට විරුද්ධ ව ඇවිළෙන්නේ ය. මේ පොතේ ලියන ලද සාප සියල්ල ඔහු පිට වැටෙන්නේ ය. තවද, උන් වහන්සේ ඔහුගේ නම මිහි පිටින් මකාදමන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්