Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 68:22 - Sinhala New Revised Version 2018

22 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම බාෂාන් දේශයෙන් ඔබේ සතුරන් ආපසු ගෙනෙන්නෙමි; සමුදුර පත්ලෙන් ඔවුන් ආපසු ගෙනෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම බාෂාන් දේශයෙන් ඔබේ සතුරන් ආපසු ගෙනෙන්නෙමි; සමුදුර පත්ලෙන් ඔවුන් ආපසු ගෙනෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 නුඹේ පාදය ලෙයෙහි ගල්වන පිණිසත්, නුඹේ බල්ලන්ගේ දිවට සතුරන්ගෙන් කොටස ලැබෙන පිණිසත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 68:22
11 හුවමාරු යොමු  

ඉන්පසු ඔව්හු හැරී බාෂාන් බලා ගියහ. එවිට බාෂාන්හි රජු වූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද අරඹා පහර දීමට එද්රෙයි නම් ස්ථානයට ගියහ.


එසේ ය, විජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේ ම රටට ගෙනෙන්නෙමි.


මහෝත්තම දෙවි සමිඳාණෝ සිය සෙනඟට මෙසේ වදාරන සේක: “මම මාගේ හස්තය ජාතීන් මත ඔසවා සලකුණකින් සෙනඟට සංඥා කරන්නෙමි. ඔව්හු නුඹේ පුත්‍රයන් වඩාගෙන එන්නෝ ය. නුඹේ දූවරු ද ඔවුන්ගේ කරපිට ගෙනෙනු ලබන්නෝ ය.


එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැද වියළි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය.


ඉශ්රායෙල් ජනතාව වියළි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය.


එතුමාණෝ ජාතීන් අතරෙහි විනිශ්චය කරන සේක; මළකඳන්වලින් රණ බිම පුරවන සේක. ලොව පුරා සිටින රජවරුන් පරාජය කරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්