Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 68:16 - Sinhala New Revised Version 2018

16 එම්බා ශිඛර බහුල කන්ද! දෙවිඳාණන් තමන් නිවෙස ලෙස තෝරාගත් කන්ද දෙස ඔබ ඊර්ෂ්‍යාවෙන් බලන්නේ මන් ද? සමිඳාණෝ සදහට ම එහි වාසය කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එම්බා ශිඛර බහුල කන්ද! දෙවිඳාණන් තමන් නිවෙස ලෙස තෝරාගත් කන්ද දෙස ඔබ ඊර්ෂ්‍යාවෙන් බලන්නේ මන් ද? සමිඳාණෝ සදහට ම එහි වාසය කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 එම්බා උස් කඳු, දෙවියන්වහන්සේ ස්වකීය වාසස්ථානය කොට ගන්ට කැමතිවූ කන්ද දෙස නුඹලා කුමට ඊර්ෂ්‍යයාවෙන් බලවුද? එසේය, ස්වාමීන්වහන්සේ එහි සදාකල් වසනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 68:16
10 හුවමාරු යොමු  

ඔබේ ගෝත්‍ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය.


මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය.


එම්බා කඳු! නුඹලා බැටළුවන් මෙන් ද කුඩා හෙල්, නුඹලා බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කරන්නේ කුමක් නිසා ද?


කඳු, බැටළුවන් මෙන් ද කුඩා හෙල්, බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කෙළේ ය.


උන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මා ඉදිරියෙහි ඔප්පු කළ නුඹේ යාච්ඤාවත්, කන්නලව්වත් මම ඇසුවෙමි. නුඹ ගොඩනැඟුවාවූ මේ මාලිගාවෙහි මාගේ නාමය සදහට ම පවතින පිණිස එය විශුද්ධ කෙළෙමි. මාගේ නෙත ද සිත ද නිරන්තරයෙන් මෙයට යොමු වී තිබෙන්නේ ය.


තමන් වහන්සේගේ නාමය එහි පිහිටුවනු පිණිස උන් වහන්සේ යම්කිසි ස්ථානයක් තෝරාගන්න සේක. ඔබේ දවන යාග පූජා ද විශේෂ පූජා ද, දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පඬුරු ද සමිඳාණන් වහන්සේට කළ විශේෂ බාර ද යන සියල්ල ඔබ එතැනට ගෙනා යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්