Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 66:8 - Sinhala New Revised Version 2018

8 ජනතාවෙනි, අපේ දෙවිඳුන් හට ආසිරි පතන්න; එතුමාණෝ වෙත නඟන පැසසුම පතුරුවා හරින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ජනතාවෙනි, අපේ දෙවිඳුන් හට ආසිරි පතන්න; එතුමන් වෙත නඟන පැසසුම පතුරුවා හරින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 මනුෂ්‍ය වර්ගයෙනි, අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකරව්, උන්වහන්සේට නඟන ප්‍රශංසා හඬ ඇසෙන්ට සලස්වව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 66:8
9 හුවමාරු යොමු  

එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමාණෝ පසසන්න.


ඉන්පසු ස්වර්ගයේ විශාල පිරිසකගේ මහා හඬක් මට ඇසිණි. ඔව්හු මෙසේ කී හ: “අලේලූයා! විමුක්තිය ද මහිමය ද බලය ද අපගේ දෙවියන් වහන්සේට හිමි ය.


ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත; ‘සව් බලැති සමිඳුන්ට තුති පුදන්න; එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ පෙම සදාකාලික ය.’ කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


එතුමාණන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න.


සව් සතුනි, අත්පොළසන් දෙන්න; ජය ගොස නංවා දෙවියන් වහන්සේට තුති දෙන්න.


එම්බා ජනයෙනි! දේව සෙනඟ ගැන ප්‍රීති වන්න. එතුමාණෝ මරණයට පත් වූ සිය සෙනඟ වෙනුවෙන් පළිගන්න සේක; සතුරන්ට දඬුවම් දෙන සේක; එහෙත්, සිය සෙනඟගේ දේශයට අනුකම්පා කරන සේක.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්