Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 65:8 - Sinhala New Revised Version 2018

8 මිහි පිට සියල්ලෝ ඔබ පෑ ලකුණු දැක බියෙන් තැතිගෙන සිටින්නෝ ය; නැඟී එන උදයට ද බැස යන සවසට ද ප්‍රීතියෙන් මොරගසන්නට ඔබ සැලැසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මිහි පිට සියල්ලෝ ඔබ පෑ ලකුණු දැක බියෙන් තැතිගෙන සිටින්නෝ ය; නැඟී එන උදයට ද බැස යන සවසට ද ප්‍රීතියෙන් මොරගසන්නට ඔබ සැලැසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඉතා දුර සීමාවල වසන්නෝද ඔබගේ ලකුණුවලට භයවෙති. ඔබ උදයද සවසද නික්මෙන ස්ථාන ප්‍රීතිමත්කරවනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 65:8
22 හුවමාරු යොමු  

ඉර හඳ මඬලෙනි, එතුමාණෝ පසසන්න. දිළිහෙන තරු සියල්ලෙනි, එතුමාණෝ පසසන්න.


දවාල පාලනය කිරීමට හිරු මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.


එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු; ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු. එවිට, “සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ.


දිවා රෑ දෙක ම අයිති ඔබ වහන්සේට ය; ඉර හඳ මැව්වේත් ඔබ වහන්සේ ය.


ඒ ඇසිල්ලෙහි ම මහා භූමිකම්පාවක් ඇති විය. නුවරෙන් දසයෙන් කොටසක් බිඳ වැටිණි. භූමිකම්පාවෙන් මනුෂ්‍යයෝ සත් දහසක් මළහ. ඉතිරි අය බියෙන් ඇලළී ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරවය පිරිනැමූ හ.


එම්බා මිසරය! තී මැදට, පාරාවෝට සහ ඔහුගේ සියලු මෙහෙකරුවන්ට එරෙහි ව එතුමාණෝ අරුමපුදුම දේ හා හාස්කම් පැමිණෙවු සේක.


මඟුල් පෝරුවකින් බැස එන මනාලයෙකු ලෙසින්, ප්‍රීතියෙන් තරඟයට අරඅඳින වීර ධාවකයෙකු විලසින්,


නුඹ කැමැති දෙයක් මාගෙන් අයැදින්න. සකල ජාතීහු නුඹ උරුමය වන්නෝ ය; මුළු මහ පොළොව ද නුඹ සන්තක වන්නේ ය.


ඔබ අහස දෙස හිස ඔසවා, එහි ඇති ඉර, හඳ, තාරකා සහ සියලු ආකාශ වස්තු දකින විට ඒවාට වන්දනා නමස්කාර කිරීමට ඇදී නොයන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඒවා දී ඇත්තේ මිහි පිට සෙසු සියලු ජාතීන් සඳහා ය.


දෙවි තුමන්ට මෙලෙස කියන්න: “ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය.


තණ බිම එළු බැටළු පට්ටිවලින් පිරී ඇත. මිටියාවත් ධන ධාන්‍යයෙන් සපුරාලන සේක. ඒවා ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයයි.


ජෝබ්, නුඹ උපන් දින සිට කිසි ම දාක අලුත් දිනක් උදා වන්නට නුඹ අණ දුන්නෙහි ද?


පොළොව පවතින තෙක්, වැපිරීම හා කැපීම ද ශීත හා උණුසුම ද සිසිර හා ගිම්හානය ද දවාල හා රාත්‍රිය ද නොකඩවා පවතිනු ඇත.”


ඔබ රාහබ් නම් දිය රකුසා කැබලි කොට සුණු විසුණු කරදැමූ සේක; සිය බාහු බලය පා සතුරන් පලවා හළ සේක.


එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක. එවිට මුහුදේ රැළ නිසල විය.


වේගවත් රළ පතර මෙන් ඔවුන් ඉදිරියට ආවත්, දෙවිඳාණෝ ඔවුන්ට තරවටු කරන සේක. එවිට කඳු බෑවුම්වල තිබෙන ධූලි සුළඟටත්, බොල් වී, සුළි සුළඟටත් ගසාගන යන්නාක් මෙන් ඔව්හු පසු බසින්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්