Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 40:3 - Sinhala New Revised Version 2018

3 දෙවිඳුන් හට තුති පවසන, නව ගීයක් මා මුවේ තැබූ සේක. මෙය දැක බොහෝ දෙනෙකු ගරුබියෙන් ඇලළී, සමිඳුන් කෙරේ අදහනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 දෙවිඳුන් හට තුති පවසන, නව ගීයක් මා මුවේ තැබූ සේක. මෙය දැක බොහෝ දෙනෙකු ගරුබියෙන් ඇලළී, සමිඳුන් කෙරේ අදහනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන්වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබූසේක. බොහෝදෙනෙක් ඒ දැක, භයව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 40:3
18 හුවමාරු යොමු  

එතුමාණන්ට නව ගීතයක් නඟන්න; මහ හඬකින් දක්ෂ ලෙස වාදනය කරන්න.


එවිට දැහැමියෝ බියෙන් මේ දේ නරඹන්නෝ ය; ඔහුගේ විපත ගැන සිනාසෙමින් මෙසේ පවසන්නෝ ය:


ඔව්හු සිංහාසනය ඉදිරියෙහි ද, ජීවමාන සත්ත්වයන් සතර දෙනා සහ කුලදෙටුවන් ඉදිරියෙහි ද අලුත් ගීතිකාවක් ගායනය කළහ. ඒ ගීතිකාව, පොළොවෙන් මුදාගනු ලැබූ එක් ලක්ෂ සතළිස් සාර දහස් දෙනා හැර, අන් කිසිවෙකුට ඉගෙන ගත නොහැකි විය.


දෙවිඳුනි, ඔබට නව ගීයක් ගයන්නෙමි. තත් දසයේ වීණාව ගෙන ඔබට පසස් ගී ගයන්නෙමි.


මා නිදහස්වීම ගැන සන්තෝෂ වන අය ප්‍රීති ඝෝෂා පවත්වමින්, යළි යළිත් මෙසේ කියත් වා! “සමිඳාණෝ උසස් වන සේක; තම මෙහෙකරුගේ ජය ගැන එතුමාණෝ ප්‍රීති වන සේක.”


දුක් නමැති දඟ ගෙයින් මා මිදුව මැනව. ඔබ මට යහපත කළ නිසා මම ඔබේ සැදැහැවතුන්ගේ සභාවෙහි ඔබට තුති පුදන්නෙමි.


එහෙත් පණිවුඩය ඇසූ බොහෝ දෙනෙක් අදහාගත්හ. ඒ පිරිමින්ගේ ගණන පන්දහසක් පමණ විය.


ඉන්පසු ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ද දාවිත් නම් තමන්ගේ රජු ද සොයා එන්නෝ ය. මතු කාලයේ දී ඔව්හු ගරුබිය ඇති ව සමිඳාණන් වහන්සේ වෙත පැමිණ, උන් වහන්සේගේ යහපත් දීමනා ලබන්නෝ ය.


විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක.


සමිඳාණෝ මිනිසෙකුගේ දිවි මඟ හසුරුවන සේක; ඔහුගේ ක්‍රියා කලාපය ගැන සතුටු වන සේක.


මොරගැසීමෙන් මා විඩාපත් ව මාගේ උගුර වියළී ඇත්තේ ය. මාගේ දෙවිඳුන් ගැන බලා සිටීමෙන් දෙනෙත අඳුරු වී ඇත්තේ ය.


ඔබ පොරොන්දු වූ ලෙස මා දෙපා තර කළ මැනව; කිසි අයුක්තියකට මා කෙරෙහි බල පෑමට ඉඩ නුදුන මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්