Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 40:1 - Sinhala New Revised Version 2018

1 මම ඉවසිල්ලෙන් හිමිතුමාණන් ගැන බලාපොරොත්තුවෙන් සිටියෙමි, හිමිතුමාණෝ මාගේ දුක් ගැනවිලිවලට සවන් දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මම ඉවසිල්ලෙන් හිමි තුමන් ගැන බලාපොරොත්තුවෙන් සිටියෙමි, හිමි තුමාණෝ මාගේ දුක් ගැනවිලිවලට සවන් දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 මම ඉවසිල්ලෙන් ස්වාමීන් ගැන බලා සිටියෙමි; උන්වහන්සේ කන් යොමා මාගේ මොරගැසීම ඇසූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 40:1
7 හුවමාරු යොමු  

සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමාණන්ගේ පැමිණීම බලා ඉන්න; සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්‍යා නොකරන්න.


සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව.


හිමිතුමාණන්ගේ දෙනෙත දමිටුන් දෙසට ද එතුමාණන්ගේ දෙසවන ඔවුන්ගේ කන්නලව්වට ද යොමා ඇත.


එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමාණන්ට යාච්ඤා කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්