Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 37:22 - Sinhala New Revised Version 2018

22 හිමිතුමාණන්ගෙන් ආසිරි ලද්දෝ දේශයෙහි යෙහෙන් වැජඹෙති; දේව සාපය ලද්දෝ රටෙන් නෙරපනු ලබති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 හිමි තුමන්ගෙන් ආසිරි ලද්දෝ දේශයෙහි යෙහෙන් වැජඹෙති; දේව සාපය ලද්දෝ රටෙන් නෙරපනු ලබති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 මක්නිසාද උන්වහන්සේගෙන් ආශීර්වාදලද්දෝ දේශය උරුමකර ගන්නෝය; උන්වහන්සේගෙන් ශාපලද්දෝ සිඳිනු ලබන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 37:22
18 හුවමාරු යොමු  

දුදනන්ගේ මන්දිර මත සමිඳුන්ගේ සාපය වැටෙනු ඇත; සුදනන්ගේ නිවෙස්වලට එතුමාණෝ ආසිරි දෙන සේක.


යමෙක් සමිඳාණන් වහන්සේට ප්‍රේම නොකරන්නේ නම්, ඔහු සාප ලද්දෙක් වේ වා! ‘මරනථා’ - සමිඳාණන් වහන්ස, වැඩිය මැනව.


“ගසක එල්ලනු ලබන සියල්ලෝ සාප ලද්දෝ ය”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා එම සාපය විඳ, ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත් සේක.


නපුර කරන්නෝ නෙරපා දමනු ලබන්නෝ ය. හිමිතුමාණන් කෙරේ විශ්වාසය තබන්නෝ දේශය හිමි කරගන්නෝ ය.


අනෙක් අතට, ව්‍යවස්ථාව කෙරෙහි විශ්වාසය තබන්නෝ සාපයට යටත් ව සිටිති. එසේ වන්නේ: “ව්‍යවස්ථාව පොතෙහි ලියා ඇති සියල්ල ම නොකඩවා නොරකින සියලු දෙනාට ම සාපයක් ඇතැ”යි ලියා තිබෙන බැවිනි.


“එවිට උන් වහන්සේ වම් පසෙහි සිටින්නන්ට කතා කොට, ‘සාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාට ද ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන සදාතන ගින්නට යන්න.


සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති, එතුමාණන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝ ය.


ඔබේ ආඥාවලට පිටුපා යන, සාපලත් උඩඟු අයට ඔබ තරවටු කරන සේක.


අහසත්, පොළොවත් මැවූ සමිඳාණෝ ඔබට ආශීර්වාද කරන සේක් වා!


හිමිතුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති.


හිමිතුමාණෝ සැදැහැවතුන් දිනෙන් දින රැකගනිති; ඔවුන්ගේ උරුමය සදහට ම පවතියි.


මුදු මොළොක් සිත් ඇත්තෝ දේශය හිමි කරගනිති; ඔව්හු සව්සිරි වින්දනය කරති.


අපරාධයට සමාව ද පාපයට සමාව ද ලත් මිනිසා ආසිරි ලද්දෙකි.


අඥානයා මුල දී සාර්ථක වන සැටි මා දැක ඇත; එහෙත් සැණෙකින් ඔහුගේ නිවෙසට සාපය පැමිණෙයි.


ඔබට දිවි ඇති තාක් ශුභසිද්ධිය වන පිණිසත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි චිරාත් කාලයක් ජීවත් වන පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කරන සියල්ලට කීකරු ව ජීවත් විය යුතු ය.”


ඔහු සුව සේ වාසය කරයි; ඔහුගේ වංශයට දේශය හිමි වෙයි.


නුඹලා මොරගසන විට නුඹලා රැස්කරගත් ඒ දේව රූප නුඹලාට පිහිට වේ වා! ඔව්හු සුළඟට ගසාගෙන යනු ලබති. හුස්මකින් පහ ව යන්නෝ ය. එහෙත්, මා කෙරෙහි විශ්වාස කරන අය දේශය අත් කරගෙන, මාගේ ශුද්ධ කන්ද උරුම කරගන්නෝ ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්