Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 33:3 - Sinhala New Revised Version 2018

3 එතුමාණන්ට නව ගීතයක් නඟන්න; මහ හඬකින් දක්ෂ ලෙස වාදනය කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එතුමන්ට නව ගීතයක් නඟන්න; මහ හඬකින් දක්ෂ ලෙස වාදනය කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 උන්වහන්සේට අලුත් ගීතිකාවක් ගායනාකරව්; මහත් ශබ්දයකින් දක්ෂලෙස වාදනය කරව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 33:3
15 හුවමාරු යොමු  

සමිඳුන් හට නව ගීයක් ගයන්න. මුළු ලොව පුරා පැසසුම් පතුරුවා හරින්න. මුහුදේ යාත්‍රා කරන, එහි ජීවත් ව සිටින, ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුම් කරන්න.


ගීතිකා, තුති ගී හා ශුද්ධ ගී එකිනෙකාට ගයන්න. ඔබ හදවත් තුළ තුති නද දෙමින් සමිඳුන්ට ගී ගයන්න.


සමිඳාණන් වහන්සේට ගැයීම ගැන ඉගෙනගෙන, දැනගැන්ම ඇති ව සිටි ඔවුන්ගේ සියලු සහෝදරයන් ඇතුළු ව ඔවුන්ගේ ගණන දෙසිය අසූඅටදෙනෙක් ය.


ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න. ගීතිකාවලින් ද ගායනාවලින් ද ශුද්ධ ගීවලින් ද සිතෙහි ස්තුතිවන්තකමින් ද දෙවියන් වහන්සේට ගායනා කරන්න.


සමිඳාණන් වහන්සේ හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න.


ඔව්හු මේ අලුත් ගීතය ගායනා කළහ: “පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් සුදුසු තැනැන් වහන්සේ ඔබ ය. මන්ද, ඔබ මරනු ලැබ, ඒ මරණය නමැති මිලයෙන් සියලු ගෝත්‍රවලින් ද භාෂාවලින් ද ජනයාගෙන් ද ජාතීන්ගෙන් ද මිනිසුන්, දෙවියන් වහන්සේ උදෙසා ලබාගත් සේක.


දෙවිඳුනි, ඔබට නව ගීයක් ගයන්නෙමි. තත් දසයේ වීණාව ගෙන ඔබට පසස් ගී ගයන්නෙමි.


සමිඳාණන් වහන්සේට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.


දාවිත් සහ සියලු ඉශ්රායෙල්වරු වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද ඇති ව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගී ගයා නැටූ හ.


ඔව්හු සිංහාසනය ඉදිරියෙහි ද, ජීවමාන සත්ත්වයන් සතර දෙනා සහ කුලදෙටුවන් ඉදිරියෙහි ද අලුත් ගීතිකාවක් ගායනය කළහ. ඒ ගීතිකාව, පොළොවෙන් මුදාගනු ලැබූ එක් ලක්ෂ සතළිස් සාර දහස් දෙනා හැර, අන් කිසිවෙකුට ඉගෙන ගත නොහැකි විය.


සමිඳාණන් වහන්සේ පසසන්න. සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමාණන්ගේ පැසසුම් ද ගායනා කරන්න.


දෙවිඳුන් හට තුති පවසන, නව ගීයක් මා මුවේ තැබූ සේක. මෙය දැක බොහෝ දෙනෙකු ගරුබියෙන් ඇලළී, සමිඳුන් කෙරේ අදහනු ඇත.


ඒ මනුෂ්‍යයෝ විශ්වාසවන්ත ව වැඩ කළෝ ය. වැඩ බලා ගැනීමට මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ලෙවීවරුන් වන ජහත් ද ඔබදියා ද කොහාත්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියා ද මෙෂුල්ලාම් ද ඔවුන් කෙරෙහි පත් වී සිටියෝ ය. ලෙවීවරු සියල්ලෝ ම තූර්ය භාණ්ඩ ගැන තේරුම් පැහැදුම් ඇති අය වූ හ.


කෙනනියා ගායනා කිරීම ගැන ලෙවීවරුන්ගේ ප්‍රධානියා ව සිටියේ ය. ඔහු ඊට දක්ෂ ව සිටි බැවින් ගායනා කරන්නන්ට එය ඉගැන්නුවේ ය.


පිළිම රූප නොනමදින, බොරු දෙවිවරුන් නොඅදහන, සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්