Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 31:1 - Sinhala New Revised Version 2018

1 සමිඳාණන් වහන්ස, ඔබේ රැකවරණය සොයා එමි. කිසිදාක මම නින්දාවට පත් නොවෙම්වා. ඔබේ දැහැමිකමින් මා මුදාලුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 සමිඳුනි, ඔබේ රැකවරණය සොයා එමි. කිසිදාක මම නින්දාවට පත් නොවෙම්වා. ඔබේ දැහැමිකමින් මා මුදාලුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ස්වාමිනි, ඔබ කෙරෙහි විශ්වාසකරමි; කිසිකලකත් ලජ්ජා නොවෙම්වා. ඔබගේ ධර්මිෂ්ඨකමින් මා මිදුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 31:1
11 හුවමාරු යොමු  

“උන් වහන්සේ අදහන කිසිවෙක් ලජ්ජාවට නොපැමිණෙති”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.


මාගේ දෙවියෙනි ඔබ කෙරේ විශ්වාසය තබමි. මා ලජ්ජාවට පත් වන්න ඉඩ නුදුන මැනව; මා පරදා ජය හඬ නඟන්න මා සතුරන්ට ඉඩ නොතැබුව මැනව.


සමිඳාණන් වහන්ස, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ කන්නලව්වට සවන් දුන් මැනව. ඔබේ සත්‍යවාදීකමින් ද ධර්මිෂ්ඨකමින් ද මට පිළිතුරු දුන මැනව.


රජවරු නුඹ ඇතිදැඩි කරන පියවරුන් මෙන් වෙති. බිසෝවරු නුඹේ කිරි මවුවරුන් මෙන් වෙති. ඔව්හු මුණින්තලා වී නුඹට වැඳ නුඹේ පාදවල ධූලි ලෙව කන්නෝ ය. එවිට මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය. මා කෙරෙහි විශ්වාස කරන අයගේ බලාපොරොත්තු කඩ නොවන්නේ ය.”


දෙවිඳුනි, අභක්තික සෙනඟට එරෙහි ව, මා වෙනුවෙන් කරුණු කියා මා නිදහස් කළ මැනව. කපටි, අසාධාරණ මිනිසුන්ගෙන් මා මුදාගත මැනව.


එබඳු බලාපොරොත්තුවකින් කිසි ම කලකිරීමක් ඇති නොවෙයි. මන්ද, අපට දෙන ලද ශුද්ධාත්මයාණෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්