Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:151 - Sinhala New Revised Version 2018

151 සමිඳුනි, ඔබ ළඟා වී සිටින සේක. ඔබේ සියලු ආඥා සත්‍ය ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

151 සමිඳුනි, ඔබ ළඟා වී සිටින සේක. ඔබේ සියලු ආඥා සත්‍ය ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

151 ස්වාමිනි, ඔබ ළංව සිටිනසේක; ඔබගේ සියලු ආඥා සත්‍යයය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:151
10 හුවමාරු යොමු  

අයැදින සියල්ලන්ට සමිඳාණෝ ළං ව සිටින සේක. අවංක සිතින් යදින්නන්ට ආසන්න ව සිටින සේක.


ඔබේ දැහැමිතාව සදාකාලික දැහැමිතාවක් වේ; ඔබේ ව්‍යවස්ථාව ද සත්‍ය වේ.


හිමිතුමාණෝ බිඳුණු සිත් ඇත්තන්ට ළං ව සිටින සේක; තැළුණු හදවත් ඇත්තන්ට පිහිට වන සේක.


“මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,” යනු ය. ඒ නාමයේ අර්ථය නම්, “දෙවියන් වහන්සේ අප සමඟ ය” යනුයි.


මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක. දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක.


දෙවිඳුනි, අපි ඔබට තුති කරමු; ඔබේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු; ඔබේ නාමයට අයැද තුති කරමු.


දෙවිඳාණෝ අපේ ශක්තිය හා සරණ වන සේක; හැම දා විපතේ දී අප හට පිළිසරණක් වන සේක.


ඔබ දැහැමිකමින් ද තිර විශ්වාසකමින් ද ඔබේ ශික්ෂා පද නියම කළ සේක.


“අපේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අප අයැදින සියල්ලෙහි දී, උන් වහන්සේ අපට ළං ව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළං ව සිටින්නේ ද?


ඔබේ ශික්ෂා පද සදහට ම දැහැමි ය. මා ජීවත් වන පිණිස මට නැණනුවණ දුන මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්