Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 115:11 - Sinhala New Revised Version 2018

11 සමිඳුන් නමදින සියල්ලෙනි! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 සමිඳුන් නමදින සියල්ලෙනි! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ස්වාමීන් කෙරෙහි භය ඇත්තෙනි, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව්. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 115:11
11 හුවමාරු යොමු  

මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.


“එතුමාණන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ඉශ්රායෙල් දැන් කියත් වා!


“සමිඳුන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි එතුමාණෝ කෙරෙහි ගරුබිය ඇත්තෝ දැන් කියත් වා!


එම්බා ඉශ්රායෙල් වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ආරොන්ගේ වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.


එහෙත් සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට, තමන්ගේ ප්‍රේමය පතන්නන්ට, ප්‍රසන්න වන සේක.


හිමි සමිඳාණන්ට ගරුබිය ඇත්තෙනි, එතුමාණෝ පසසන්න; ජාකොබ් වංශයේ සියල්ලෙනි, එතුමාණන්ට ගෞරවය දෙන්න; ඉශ්රායෙල් වංශයේ සියල්ලෙනි, එතුමාණෝ ඉදිරියෙහි ගරු බියෙන් සිටින්න;


සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය; මරණයෙන් ගළවන පිණිස ද


දේව ගරුබිය ඇත්තා හට ආත්ම විශ්වාසය ඇත; ඔහුගේ දූ දරුවන්ට ආරක්ෂාව ද ඇත.


දෙවිඳුන්ගේ හැම කියමනක් ම අත්දුටු සත්‍යය වේ; දෙව් සරණ පතන අයට එතුමාණෝ පලිහක් වැනි ය.


සියලු ජාතීන් අතර උන් වහන්සේ කෙරෙහි බිය ඇති, හරි දේ කරන තැනැත්තා උන් වහන්සේට ප්‍රියමනාප ය.


තවද, “අපේ දෙවියන් වහන්සේගේ සියලු සේවකයෙනි, උන් වහන්සේට බිය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කියන හඬක් සිංහාසනයෙන් නික්මිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්