Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 11:5 - Sinhala New Revised Version 2018

5 සමිඳාණෝ සුදනන් හා දුදනන් හැම විමසා බලන සේක; එතුමාණෝ සැහැසිකම් කරන්නාට වෙර බඳින සේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සමිඳාණෝ සුදනන් හා දුදනන් හැම විමසා බලන සේක; එතුමාණෝ සැහැසිකම් කරන්නාට වෙර බඳින සේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා විමසනසේක. නුමුත් උන්වහන්සේගේ ආත්මය දුෂ්ටයාටත් බලාත්කාරකමට ප්‍රිය වෙන්නාටත් ද්වේෂකරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 11:5
19 හුවමාරු යොමු  

කම්කටොලු ඉවසන මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි. මන්ද, ඔහු පරීක්ෂාවෙන් ජය ලැබූ කල, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නවුන්ට උන් වහන්සේ පොරොන්දු වූ, ජීවන කිරීටය ලබන්නේ ය.


ප්‍රේමවන්තයෙනි, ඔබ පරීක්ෂා කර බලන පිණිස පැමිණෙන, ඔබ අතර ඇති පීඩා නමැති ගින්න ගැන, නොසිතූ දෙයක් ඔබට සිදු වන්නාක් මෙන් පුදුම නොවන්න.


එසේ පීඩා කරනු ලබන්නේ, ඔබේ ඇදහිල්ල සෝදිසි කිරීමට ය. ගින්නෙන් පරීක්ෂා කරනු ලබන, විනාශ වන රනටත් වඩා අනර්ඝ ඔබේ ඇදහිල්ල, එසේ සෝදිසි කිරීමෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීමේ දී ප්‍රශංසාව ද, මහිමය ද, ගෞරවය ද ඔබට ලැබෙනු ඇත.


සමිඳුනි, මා සෝදිසි කොට, පරීක්ෂා කර බැලුව මැනව; මාගේ සිත හා මනස විමසා බැලුව මැනව.


මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න; දහම් රජය පිහිටුවන්න.


ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, “ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි.


රජුගේ වමතට සියලු සතුරෝ ද දකුණතට වෛර බඳින්නෝ ද අසු වන්නෝ ය.


මට ද්වේෂ කළ එඬේරුන් තිදෙනෙකු ගැන මට ඉවසාගත නොහැකි ව එක මාසයක් ඇතුළත දී ඔවුන් නැසුවෙමි.


මා තෝරාගත් සෙනඟ වනගත සිංහයෙකු මෙන් මට විරුද්ධ ව හැරී ඇත; කුරිරු ලෙස මට ගොරවා ඇත. එබැවින් මම ඔවුන්ට ද්වේෂ කෙළෙමි.


සමිඳාණන් වහන්ස, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක.


ඔබ මසිත උරගා බැලූ සේක; රාත්‍රියේ මා පරීක්ෂා කළ සේක; ඔබ මා විමසා බැලූ සේක; එහෙත්, කිසි නපුරක් නැති බව දුටු සේක.


දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමාණෝ හෙළා දකිති.


උන් වහන්සේ රිදී උණු කර පිරිසිදු කරන කෙනෙකු මෙන් ලෙවී පුත්‍රයන් පවිත්‍ර කරන සේක. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ වෙත නියම පූජාවක් ගෙනෙන්නෝ ය.


එහෙත්, ඉතිරි තුන් වන කොටස මම ගින්නෙහි දමන්නෙමි; රිදී පවිත්‍ර කරන්නාක් මෙන් ඔවුන් පවිත්‍ර කරන්නෙමි; රන් උරගා බලන්නාක් මෙන් ඔවුන් උරගා බලන්නෙමි. ඔවුන් මාගේ නාමයෙන් මට යාච්ඤා කරන විට මම ද ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි. ‘ඔව්හු මාගේ සෙනඟ ය’යි මම ඔවුන්ට කියන්නෙමි; ‘සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ ය’යි ඔව්හු මට කියන්නෝ ය.”


සමිඳාණෝ බොරු තෙපලන දන වනසන සේක; මිනීමරු කපටි අය පිළිකුල් කරන සේක.


සව් බලැති සමිඳුනි, සැදැහැවතුන් පිරික්සන, මාගේ සතුරන්ගේ සිත හද විනිවිද දකින ඔබ තුමාණන් මාගේ සතුරන්ගෙන් පළිගනු දැකීමට මට වර දුන මැනව. මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්