Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 107:5 - Sinhala New Revised Version 2018

5 සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 සයින් පීඩිතව පිපාසිතව, ඔවුන්ගේ ආත්මය ඔවුන් තුළ ක්ලාන්තවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 107:5
9 හුවමාරු යොමු  

රෑ යාම්වල නැඟිට උදේ අලුයම ඝෝෂා කරන්න. ඔබේ සිත සමිඳුන් ඉදිරිපිට ජලය මෙන් වගුරුවන්න. සියලු වීදි සන්ධිවල දී බඩගින්නෙන් ක්ලාන්ත වන ඔබේ ළමයින්ගේ ප්‍රාණ උදෙසා ඔබේ අත් එතුමාණන් දෙසට ඔසවන්න.


ආචාරියා ලෝහයක් ගෙන එය ගිනියම් කොට තමාගේ බලවත් අතින් මිටියක් ගෙන, එය තළා හැඩගසන්නේ ය. එසේ කිරීමෙන්, සාපිපාසයටත්, වෙහෙසටත් පත් වී ඔහු දුර්වල වන්නේ ය.


මා පිටතට ගිය විට කඩුවෙන් මැරුම් කෑ අය මට පෙනේ; මා නගරයට ඇතුළු වූ විට සාගතයෙන් ලෙඩ වී සිටින අය මට පෙනේ. දිවැසිවරු ද පූජකයෝ ද කිසිවක් නොදැන දේශයේ ඔබමොබ යති.’ ”


ඔව්හු ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ දී සමිඳාණන් වහන්සේගේ අතින් අපි මැරුණෙමු නම් කෙතරම් යහපත් ද? එහි දී අපට, මස් පිරුණු බඳුන් ළඟ වාඩි වී, ඇති තරම් කෑම කන්න පුළුවන්කම තිබිණි. එහෙත්, ඔබ මේ මුළු ජනතාව සාගින්නෙන් මරාදැමීමට මේ පාළුකරයට ගෙනාවහු ය”යි කී හ.


සෙනඟ ද පිපාසයෙන් පෙළෙමින් මෝසෙස්ට විරුද්ධ ව කොඳුර කොඳුරා, “ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අප ද අපේ දරුවන් ද අපේ ගවමහිෂයන් ද පිපාසයෙන් මරාදමන්නට දැ”යි විචාළහ.


මී පැණි, කේජු, බැටළුවන් සහ එළ දීකිරි යන මේවා දාවිත්ටත්, ඔහු සමඟ සිටි සෙනඟටත් ගෙනාවෝ ය. ඔවුන් එසේ කෙළේ, “සෙනඟ පාළුකරයේ බඩගිනි ව, වෙහෙස ව, පිපාසිත ව සිටිති”යි දැන සිටි බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්