Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 107:43 - Sinhala New Revised Version 2018

43 නුවණැත්තෝ මේ දේ සිතට ගනිත් වා! ඔව්හු සමිඳුන්ගේ තිර පෙම පිළිගනිත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 නුවණැත්තෝ මේ දේ සිතට ගනිත් වා! ඔව්හු සමිඳුන්ගේ තිර පෙම පිළිගනිත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

43 නුවණැත්තේ මේ දේ සිතට ගනියි, ඔව්හු ස්වාමීන්ගේ කරුණාවන්තකම් කල්පනාකරන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 107:43
12 හුවමාරු යොමු  

මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.


ජෙරමියා කතා කරමින්, “ස්වාමීනි, දේශය නටබුන් ගොඩක් වී තිබෙන්නේත්, කිසිවෙකුට ඒ මැදින් ගමන් නොකළ හැකි ලෙස කාන්තාරයක් මෙන් පාළු වී ගොස් ඇත්තේත් මන් ද? මෙය තේරුම්ගන්නට පුළුවන් ප්‍රඥාවන්තයා කවරෙක් ද? අනුන්ට එය කියන්නට පුළුවන් වන පිණිස ඔබ වහන්සේ එය ප්‍රකාශ කෙළේ කාට දැ”යි ඇසුවේ ය.


මිනිසුන් සැම දෙන බිය වී දෙවිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෝ ය. “එතුමාණන් එසේ කෙළේ කුමක් නිසා දැ”යි ඔව්හු සිතන්නෝ ය.


පාරට්ටු කරගන්නට යමෙක් කැමැති නම්, ඔහු, මා දැනහැඳිනීම ගැන පාරට්ටු කරගනී වා. මන්ද, පොළොව කරුණාවෙන් ද යුක්තියෙන් ද දමිටුකමෙන් ද පාලනය කරන සමිඳාණන් වහන්සේ මා බව ඔව්හු දැනගනිත් වා! මන්ද, මා ප්‍රිය කරන දේ මේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


ස්තුති පූජා පුදන තැනැත්තේ මට ගෞරව කරයි; මට කීකරු වන හැම දෙන ම මම සැබැවින් ගළවාගන්නෙමි.”


ඔබේ උත්සවවල වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද මත්පැන් ද ඇත; එහෙත්, සමිඳුන් කරන දේ ඔබ ගණන් ගන්නේ නැත; එතුමන්ගේ ක්‍රියා ගැන කල්පනා කරන්නේ වත් නැත.


ඔවුන් සමිඳුන්ගේ ක්‍රියා හෝ එතුමාණන්ගේ නිර්මාණ හෝ නොසලකන බැවින්, එතුමාණෝ ඔවුන් සදහට ම සුණු විසුණු කරන සේක; යළි නොපිහිටුවන සේක.


ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම් ගෙන නැත. නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත.”


සමිඳාණන් වහන්සේ කතා කොට, “මම ජෙරුසලම නටබුන් ගොඩක් ද සිවලුන්ගේ වාසයක් ද කරන්නෙමි; කිසිවෙකුට වාසය නොකළ හැකි ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්