Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 105:24 - Sinhala New Revised Version 2018

24 සමිඳාණෝ ඔහුගේ සෙනඟට බොහෝ දරුවන් දුන් සේක; ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන් බලවත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 සමිඳාණෝ ඔහුගේ සෙනඟට බොහෝ දරුවන් දුන් සේක; ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන් බලවත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 උන්වහන්සේ ස්වකීය සෙනඟ අතිශයින් වැඩිකරමින්, ඔවුන්ගේ එදිරිකාරයන්ට වඩා බලවත්කළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 105:24
7 හුවමාරු යොමු  

“ඉන්පසු ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරිපිට මෙසේ කිව යුතු ය: ‘මාගේ ආදි පියා තැනින් තැන සංචාරය කළ අරමීය ජාතිකයෙකි. ඔහු කුඩා පිරිසක් කැටුව මිසරයට ගොස්, එහි කලකට පදිංචි වී මහත් බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් විය.


එහෙයින් මළ කෙනෙකු වැනි තැනැත්තෙකුගෙන් පවා, ගණනින් අහසේ තරු මෙන් ද, මුහුදු වෙරළේ අසංබ්‍ය වැලි ඇට මෙන් ද වූ විශාල පරපුරක් ඇති විය.


“දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ළංවෙත් ම, අපේ ජනයා මිසරයෙහි වැඩී වර්ධනය වූ හ.


ඉන්පසු ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවර සිට සුක්කොත් දක්වා ගමන් කළහ. දරුවන් හා ස්ත්‍රීන් හැර, පයින් ගිය පුරුෂයෝ ම හයලක්ෂයක් පමණ වූ හ.


එවිට උන් වහන්සේ කතා කරමින්, “මම වනාහි දෙවියන් වහන්සේ වෙමි; නුඹේ පියාගේ දෙවියන් වහන්සේ වෙමි. මිසරයට යෑමට බිය නොවන්න. මන්ද, මම එහි දී නුඹේ පෙළපතින් මහත් ජාතියක් ඇති කරන්නෙමි.


ගණනින් පොළොවේ දූවිලි හා සමාන වන ලෙස නුඹේ පරපුර වැඩි වර්ධනය කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි ගණන් කළ හැකි නම්, නුඹේ පෙළපත ද ගණන් කළ හැකි වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්