Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 8:21 - Sinhala New Revised Version 2018

21 ලෙවීවරු ද පවිත්‍ර වී, තම වස්ත්‍ර සෝදාගත්හ. ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් විශේෂ දීමනාවක් මෙන් පිළිගැන්විය; ලෙවීවරුන් සම්බන්ධ පවිත්‍රවීමේ වත්පිළිවෙත් ද ඉටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ලෙවීවරු ද පවිත්‍ර වී, තම වස්ත්‍ර සෝදාගත්හ. ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් විශේෂ දීමනාවක් මෙන් පිළිගැන්විය; ලෙවීවරුන් සම්බන්ධ පවිත්‍රවීමේ වත්පිළිවෙත් ද ඉටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ලෙවීවරුද තමුන්ගෙන් දෝෂ පහකරගෙන තමුන්ගේ වස්ත්‍ර සෝදාගත්තෝය; එවිට ආරොන් ඔවුන් තේව පූජාවක් කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකර ඔවුන් පවිත්‍රකරන පිණිස ඔවුන් උදෙසා සමඟිකමක් කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 8:21
10 හුවමාරු යොමු  

ඔවුන් පවිත්‍ර කිරීමේ වත්පිළිවෙත් මෙලෙස කළ යුතු ය. ඔවුන් මත පවිත්‍ර කිරීමේ වතුර ඉසින්න. ඉන්පසු ඔවුන් තම මුළු ශරීරය බූගාගෙන, තමන්ගේ වස්ත්‍ර සෝදා ගත යුතු ය. එවිට ඔවුන් පවිත්‍ර වනු ඇත.


තුන් වන හා හත් වන දින පවිත්‍ර තැනැත්තා අපවිත්‍ර තැනැත්තාට මෙසේ දිය ඉසිය යුතු ය. හත් වන දින, ඔහු තමා ම පවිත්‍ර කරගනිමින් නාගෙන, ඇඳුම් සෝදාගත් විට, ඒ දින සවස පවිත්‍ර යයි සැලකෙනු ඇත.


නුඹ ඔවුන් පවිත්‍ර කොට විශේෂ පඬුරක් මෙන් කැප කළ පසු, සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා ඔවුන්ට එහි ඇතුළු විය හැකි ය.


ඔහු තුන් වන දින හා සත් වන දින පවිත්‍ර වීමේ ජලයෙන් තමා පවිත්‍ර කරගත් විට ඔහු පවිත්‍ර වනු ඇත. එහෙත්, තුන් වන දින තමා පවිත්‍ර නොවුවොත් සත් වන දින ඔහු පවිත්‍ර ය යි නොසැලකේ.


“මම ඉශ්රායෙල් ජනයාගේ මවු කුසයෙන් බිහි වන සියලු ම කුලුඳුලන් වෙනුවට ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් තෝරාගතිමි. ඔවුන් මාගේ වනු ඇත.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්‍ර සෝදා,


මෙලෙස ලෙවීවරුන් සම්බන්ධ ව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල ම, ඔහු ද, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ද ඔවුන් වෙත ඉටු කළහ.


ඉන්පසු ලෙවීවරු, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් යටතේ සම්මුඛ මණ්ඩපය තුළ සේවාවන් ඉටු කිරීමට සුදුස්සෝ වූ හ. මෙසේ සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණ කළ ලෙස ඔව්හු ලෙවීවරුන්ට කළෝ ය.


ඉන්පසු රෝගියාගේ පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කරන පූජකවරයා රෝගියාත්, පෙර කී පඬුරුත් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියට ගෙන යා යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්