Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 8:11 - Sinhala New Revised Version 2018

11 ඉන්පසු ආරොන් ඉශ්රායෙල් ජනයාගේ විශේෂ පඬුරක් මෙන් සමිඳාණන් වහන්සේගේ සේවය ඉටු කරන පිණිස, ලෙවීවරුන් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඉන්පසු ආරොන් ඉශ්රායෙල් ජනයාගේ විශේෂ පඬුරක් මෙන් සමිඳාණන් වහන්සේගේ සේවය ඉටු කරන පිණිස, ලෙවීවරුන් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ආරොන්ද ලෙවීවරුන් ස්වාමීන්වහන්සේගේ මෙහෙය කිරීමට සිටින පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා තේව පූජාවක් වශයෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඔප්පුකරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 8:11
9 හුවමාරු යොමු  

ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාව ඔහු සිය අතින් ම ගෙනා යුතු ය. ඔහු සතාගේ ළපැත්ත සමඟ තෙල ද ගෙනවුත්, එයින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.


මෙසේ පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒවායින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු ඇත. පිළිගැන්වූ ළැපැත්තට හා පිදූ ගාතයට අමතර ව, මෙය පූජකවරයාට හිමි වන ශුද්ධ පඬුරකි. මින්පසු මිදියුස පානය කරන්නට නාසරීයයාට අවසර ඇත.


ඉන්පසු මෝසෙස් සතාගේ ළපැත්ත ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙළේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, එය වනාහි කැප කිරීමේ බැටළුවාගෙන් මෝසෙස්ට හිමි කොටස වේ.


මේ සියල්ල ම ආරොන්ගේ හා ඔහුගේ පුතුන්ගේ අත්වලට දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙරෙව්වේ ය.


මේ ආහාර සියල්ල ආරොන් හා ඔහුගේ පුතුන්ගේ අත්වල තබා, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත කරවා, ඒවා පුද කිරීමට සැලැස්විය යුතු ය.


මෙලෙස මම ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජා පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත කළ සතුන්ගේ ළපැත්ත සහ විශේෂයෙන් පිදූ දකුණු ගාතය පූජක ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට දෙමි. මෙය ඉශ්රායෙල් ජනයා අතර සදහට ම වලංගු නියෝගයකි.”


එකල සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යනු සඳහා ද උන් වහන්සේ ඉදිරියෙහි සේවය කිරීමට ද සිය නාමයෙන් ආශීර්වාදය පැවසීමට ද අද දක්වා ම පැවත එන පරිදි ලෙවීගේ ගෝත්‍රයේ ජනයා පත් කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්