Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 4:47 - Sinhala New Revised Version 2018

47 අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට සුදුසු අයට සම්මුඛ මණ්ඩපය තුළ සේවාවේ වගකීම පැවරිය හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට සුදුසු අයට සම්මුඛ මණ්ඩපය තුළ සේවාවේ වගකීම පැවරිය හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

47 මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් අධිපතීන්ද විසින් ගණන්කළාවූ සියලුම ලෙවීවරු වන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:47
11 හුවමාරු යොමු  

දාවිත්ගේ අන්තිම වචනවල හැටියට විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති පුත්‍රයෝ ගණන් ගන්න ලද්දෝ ය.


ලෙවීවරුන්ගෙන් ගණන් ගන්නා ලද්දේ, තිස් අවුරුද්දක පටන් ඉන් ඉහළට වයස් ඇති අය ය. එසේ එක් කෙනෙකු එක් කෙනෙකු පාසා ගණන් ගන්න ලද පුරුෂයන්ගේ ගණන තිස්අටදහසක් විය.


“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.


අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.


මෙලෙස අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කළ යුතු වේ.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට දුන් අණ පරිදි, ඔහු සහ ආරොන් විසින්, සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා කොහාත්ගේ දරුපරපුර ලියාපදිංචි කරන ලදී.


මෙලෙස ලෙවීවරුන් සියලු දෙන ම පවුල් හා පිය පෙළපත් අනුව, මෝසෙස්, ආරොන් සහ ඉශ්රායෙල්හි ප්‍රජා මූලිකයන් විසින් ලියාපදිංචි කරන ලදහ.


මේ සියල්ලන්ගේ මුළු එකතුව අටදාස් පන්සිය අසූවක් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්